හෙඩ් බෝඩ් එකට හේතු වෙලා වාඩි උන මම නිදි නෑ කියලා දන්න නිසා එයාට කතා කලා..
Zhan ge... තාමත් ගොඩක් රිදෙනවද?
මම අහද්දි එයා මගේ පැත්ත හැරිලා එයා යන්තමට ඔලුව වැනුවා....ඔය නෑ කියන්න ඔලුව වැනුවට මට ඒ මූන දැක්කහම කියන්න පුලුවන් මිනිහා ඉන්නෙ අමාරුවෙන් කියලා..බොරුවට මට පෙන්නනවා ලෙඩ නෑ, අමාරු නෑ වගේ...
මැද තියන කොට්ට දෙක අහකට කරපු මම තව ටිකක් එයාට ළං වුනේ එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉද්දි...
***********************************
ඔව් ඉතින් ඇස් ලොකු කරන් බලන් ඉන්න කාරණාවක් තමයි ඒක. මොකද මීට කලින් මම කවදාවත් එයාට මේ කොට්ට දෙකෙන් එහාට ඇඟිල්ලක් වත් තියන්න දීලා නෑ. එහෙව් මිනිහා මෙන්න අද කොට්ට දෙකම පැත්තකට දාලා ළඟට එනකොට ඕන එකෙක් බය වෙනවා තමයි...
pupp....එයාට මට කතා කරන්න ගියත් එයාට ඉතුරු ටික කියා ගන්න බැරි උනේ එයාගේ කට සීල් වෙලා ගියපු නිසා...එයාගේ තොල් උඩ නතර උන මගේ තොල් සීරුවට ඒ දිගටි තොල් උඩ එහේ මෙහේ ගියේ පිස්සුවෙන් වගේ...
කොට්ට පැත්තකට දාපු මම එයාට හිතන්නවත් වෙලාව නොදී ඒ තොල් වලට බර වුනේ මගේ ඇඟේ බර දැනෙන නොදැනෙන ගානට එයාගේ ඇඟ උඩට එන ගමන්... මුලින් මගේ වැඩේට ෂොක් වෙලා වගේ ටික වෙලාවක් හිටපු එයා මගෙත් එක්කම හාදුවට එකතු උනේ මම තවත් හාදුව ගැඹුරට ගෙනියද්දි...වෙනදට මම පටන් ගත්තත් ටිකකින් එයා කිස් එකේ ලීඩ් එක ගත්තත් අද එයා මට ඉඩ දීලා පාඩුවේ මගේ හාදුව විඳ ගත්තෙ ඇස් දෙකත් පියාගෙන...එයා මේ විදියට ඉන්නවට මම කැමති නෑ...මොක උනත් එයා මගේ ඉස්සරහා ශක්තිමත්ව ඉන්නවා බලන්නයි මම කැමති.. එයා අද ඔහේ ඉද්දි මට ඒක දරා ගන්න බෑ වගේ හැඟීමක් දැනුනා....
Zhan ge....
මම කිස් කරන එක නතර කරලා, එයාගේ ඇඟ උඩ ඉඳගෙනම ඒ මූන අත් දෙකෙන්ම අල්ල ගත්තෙ එයා මගේ දිහා ලාවට ඇස් ඇරලා බලද්දි...
gege...ඇයි ඔහොම ඉන්නේ? ඔයාට තාම ගොඩක් ඔලුව රිදෙනවද?
මම ඒ ඇස් දිහා බලාගෙන අහද්දි ඒ මූනේ ලාවට එලිය වැටුනත් ඊට වඩා මොකක් හරි ලොකු දේකින් එයා වේදනා විඳිනවා කියලා ඒ මූණෙන් මට පේනවා...ඒත් මම දන්නෙ නෑ එයා මොකක් නිසා මෙහෙම වද වෙනවද කියලා...ඒත් මට ඕන උනේ එයා අවුලක් නැතුව ඉන්නවා බලන්න...ඒ මූණ මෙහෙම දුකින් ඉන්න ඕන නෑ කියලාමයි මගේ හිත කියන්නෙ...ඉතින් මට ඕන උනේ එයාගේ මේ වේදනාව එයාට අමතක කරවන්න..
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...