මම විහිලුවට වගේ එයාගෙ උරේට පොඩි පාරක් මගේ උරෙන්ම ගැහුවේ එයා friendly , cool character එකක් කියලා තේරුන නිසා. මේ ටිකටම අපි යාලුවෝ වගේ ගොඩක් කතා කලා. ඇත්තටම එයා හොඳ කෙනෙක් කියලා මට හිතුනෙ එයාගෙ මේ හැසිරීමෙන්.
Wang Yibo.............
**************************************
එකසැරේම මගේ සම්පූර්ණ නමම කවුරුහරි මගේ පිටි පස්සෙ ඉඳන් කියනවා ඇහෙද්දි මගේ ඔලුවෙ අකුණක් පිපිරුවා වගේ උනා. ඔව් ඒ එයා තමයි. Wenhan නිසා මෙච්චර වෙලා මට අමතක වෙලා හිටපු එයා මාව හොයාගෙන ඇවිත්. ඒ කතා කරපු විදියට නම් මට එච්චර හොඳ දේකට නෙමෙයි මූන දෙන්න වෙන්නෙ කියලා මම දැනගෙන හිටියා.
මගේ නම සද්දෙට කිව්වෙ කවුද කියලා එකපාරටම පිටිපස්ස හැරිලා බලපු මම දැක්කෙ රතු වෙච්ච ඇස් වලින් තරහින් පුපුර පුපුර මගේ දිහා කන්න වගේ බලන් ඉන්න එයාගෙ මූන. එයාගෙ බැල්ම තනිකරම ගින්නක් වගේ, එතන ඉඳන් මාව ඒ ගිනි ගත්ත බැල්මෙන් පුච්චලා අලු කරලා දාන තරම් ඒක බලවත්. ඒක මගේ හදවත දන්නවා. මම ඔය බැල්ම දන්නවා. හැබැයි එයා මෙච්චර කලබල වෙලා ඒ වගේම තරහා ගිහින් ඉන්නවා දැකලා නෑ. ඒ ඇස් කෙලින්ම මගේ දිහාවට යොමු වෙලා, ඊළඟ පාර ගිහින් නැවතුනේ මගේ එහාපැත්තෙ හිටපු Wenhan මතට. මම දන්නවා එයා දැන් අර තියුනු ඇස් වලින් මෙයාව ෆුල් ස්කෑන් කරනවා කියලා.
එයා නැවතිලා හිටියේ මට වඩා අඩි හත අටක් දුරින්... එයා ඇවිත් ටික වෙලාවකට පස්සෙ හති දාගෙන් මේ පැත්තට දුවගෙන ආපු තවත් මනුස්සයෙක් එයා පිටිපස්සෙන් ඇවිත් නැවතුනා..පේන විදියට මේ එයා දන්න කෙනෙක් වගේ..එයාගේ පැත්තකින් හිට ගත්ත ඒ කෙනා මගේ දිහා බලලා ලොකු හුස්මක් පිට කරනවා මම බලාගෙන. සමහරවිට මෙයත් මාව හොයන්න මහන්සි වෙලාද් දන්නෙ නෑ...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...