Zhan ge Didi ai ni....
ඊට පස්සේ තව ඇටකෝටු දෙකක් කිස් කරන එකක් ඇඳලා ඊට එහායින්...
ඒක දැක්කා විතරයි තත්පර ගානකට මගේ හදවත නැවතුනා වගේ...මට අදහා ගන්න බෑ..
මේ කොල්ලා...දෙයියනේ හරි සිහියකින් හිටියා නම් මං දන්නවා කවදාවත් ඕක මට දැනගන්න දෙන්නේ නෑ කියලා... ඒත් මේ විදිහට හරි එයාගේ හිතේ මගේ ගැන තියෙන හැඟීම දැන ගත්තම මට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්...************************************
මම ඒ ටික කියවනකොට මගේ ඇස් වලට කඳුළු පිරිලා හමාරයි...අද ගනන් කරන්න බැරි තරමට එයා මාව පුදුම කරා විටින් විට...
දැන් වැල්ලේ චිත්‍ර අඳින එක නතර කරලා එයා ඉන්නවා ටිකක් එහාට වෙන්න මගේ දිහා බලන්...කොල්ලට හරි සිහියක් නෑ...කෝටු කෑල්ලත් අතේ තියාගෙන අඩවන් වුනු ඇස් වලින් මගේ දිහා එක එල්ලෙම බලන් ඉන්නවා...
මම එයා ළඟට ගිහින් මගේ අත එයාගේ මූන ඉස්සරහින් එහා මෙහා යැව්වත් හරි සිහියක් නෑ තාම...ඒපාර මම කන ළඟට කරලා ඇඟිලි වලින් පොඩි සද්දයක් දැම්මම කොල්ලා පියවි සිහියට ආවා...
යීබෝ...
ම්ම්ම්...
දැන් ඇතිනේ හිටියා. යමුද?
බෑ...
ඇයි ඒ?
Yizi මරන්න ඕන...
මොකක්?
එයාගෙන් යමුද කියලා ඇහුවම,බෑලු...මොකද ඇහුවම Yiziව මරන්න ඕනලු...
එයා එහෙම කිය කිය කෝට්ට දික් කලේ අපි හිටපු තැනටම ටිකක් එහායින් ඇඳලා තිබුණු බාගෙට රැල්ල නිසා මැකුන රූපයක් දිහාවට....ඒකේ ඇඳලා තිබුණු විදියට මට තේරුනේ Yizi ට වන්ෂොට් නොකවුට් වෙන්නම වෙඩි තියලා දාලා වගේ..
බුදු අම්මෝ, කොල්ලට තියෙන ඉරිසියාව..මට ඉතින් හිත යටින් හරි සතුටුයි... මං තරමටම උඹත් මට ආදරෙයිද රත්තරං...ඒකද ඔච්චරම ඒකිත් එක්ක තරහා....ඒකට කමක් නෑ බං. මටත් ඕන නෑ ඒකිත් එක්ක ඉන්න. මට ඕන උඹව...උඹව විතරමයි....
ඒපාර එතනට ගිහින් Yizi ගේ රූපේ නැති වෙනකන් අර කෝට්ටෙන් වැල්ල කූරු ගෑවා... මමත් ඉතින් එයාට ඕන එකක් කර ගන්න කියලා බලන් හිටියේ මේ වෙලාවේ ඕක වලක්වන්න ගිහින් Yizi වෙනුවට මැරුම් කන්න වෙන්නේ මේ කොහෙවත් ඉන්න අහිංසක මට නිසා... අන්තිමට ලොකු රැල්ලක් ඇවිත් ඒ ඔක්කොම මකාගෙන මුහුදට ඇදන් ගියා...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...