Chapter 26✨

486 78 43
                                    

කිසිම week point එකක් නැතුව ගොඩක් strong විදියට හිටපු මාව උඹ වෙනස් කරලා යීබෝ.නොදැනිම උඹ මගේ week point එක වෙලා.මට ඕන උඹව රකින්න. නැතුව උඹව කොටු කරලා හිර කරන්න නෙවේ මං උඹට මේ හැම දේම කියන්නේ. ඒත් මම උඹව රකින්න විදිය උඹට පේන්නේ කරදරයක් විදියට වෙනකොට ඒක මගේ හිතට මහ බරක් යීබෝ...උඹට නොතේරුනාට කමක් නෑ. මං ඔය හිතට ආදරෙයි. සමහර විට ඒක කවදාවත් උඹ දැන ගන්න එකකුත් නෑ...

මම එයා මගේ ඇස් මානෙන් නොපෙනී යනකන්ම ඉඳලා ඇතුලට ගියේ තව ටිකකින් මට වැදගත් call එකක් අර ගන්න තියෙන නිසා....

************************************

Yibo's Pov

මොකද්ද දෙයියනේ මම ඒ කලේ? මම එයාව කිස් කලා නේද? යීබෝ තොට පෛත්තියන්ද එයාව එහෙම කිස් කරන්න. තමුසේ කවුද එයත් එක්ක බැලුවහම, එයා කියන්නෙ famous businessman කෙනෙක්, එතකොට තමුසේ...නිකන්ම නිකන් කැම්පස් කොල්ලෙක්...අතේ සතේ නැති හිඟන්නෙක් හරියටම එයත් එක්ක බැලුවොත් නම්....ඉතින් බොරු මනස්ගාත් හිතන්න එපා යීබෝ. මේ ලෝකෙට වරෙන්. පොලවේ පය ගහලා ඉඳපන්, ෆැන්ටසි අස්සෙ හිර වෙන්නෙ නැතුව. ඇත්ත ලෝකෙ කියන්නෙ ෆැන්ටසිය්ස්ක් නෙවෙයි. ඒක හොඳට මතක තියා ගනින්. ඔය වගේ ලොක්කො උඹලා වගේ පොඩි ඈයොන්ගෙන් සෑහෙන්න ප්‍රයෝජන අරගෙන පස්සෙ අතෑරලා දාන බව. ඉතින් මෙයත් ඒ වගේ කෙනෙක් වෙන්න බැරිද? මේක තනිකරම ඩීල් එකක් විතරයි. එතනින් එහාට ඔය මොනවත් නෑ කියලා මතක තියාගෙන වැඩ කරපන්. නැත්නම් තොට බෙල්ල මුලටම හිර වෙනකන් දැනෙන්නෙ නෑ... 

මම කලින් වෙච්ච දේ ගන හිත හිත මගේ හිතටම අවවාද කරන ගමන් බයික් එකේ වේගේ වැඩි කරා...මට අද ඉක්මනට ගෙදර යන්න ඕන. කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියනවා. ඊයෙ දවසෙත් ගෙදර යන්න බැරි උන නිසා ඊයෙ ඒවත් එක්කම අද තමයි අදින්න වෙන්නෙ. ඇයිද මන්දා ඒත් එයා මට යන්නෙ නැතුව අදත් එයා එක්ක එන්න කිව්වෙ. මට නම් සමහර වෙලාවට එයාව තේරුම් ගන්න බෑ. එයාගෙ සමහර හැසිරීම් ළඟ මාව ගල් වෙනවා වගේ මට දැනෙන්නෙ ඇයි? 

 ඊයේ වෙච්ච් දේවල් මට හරියට මතකත් නෑ. එහෙන් මෙහෙන් යන්තම් එකක් දෙකක් මතක උනාට ඊයේ නම් මට අර වයින් එක හොඳටම වැදුනා. මම මොන බයිලයක් කෙලියද දන්නෙ නෑ ඒ වෙලාවෙ. තොටත් හොඳ වැඩේ බොන්න එපා කියද්දිම බීලා පිස්සු නටලා පස්සෙ මෙතන පසුතැවෙන්න එනවට කරපුවා ගැන හිතලා. ඒ වුනාට ඉතින් ඒක රසයිනේ. ආයේ ඉතින් කවදා කියලා ඔහොම එකක් බොන්නද? ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනයක් විතරයිනේ ගත්තෙ. හුම්...නැත්නම් ඉතින් මේ දුප්පතාට කොහෙන්ද හොඳ බ්‍රෑන්ඩඩ් වයින් එකක රස බලන්න වෙන්නෙ?

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now