මම දන්නේ නෑ මාව මිලට ගත්ත කෙනා කවුද කියලා.... ඒත් මම පතනවා එයා ලොකූ ගානකට මාව ගන්න කියලා.මොකද එයා මට නියම කරන ගානට අනුව මගේ අතට ලැබෙන ගාන වැඩි වෙනවා... ඒ කෙනා මට bid කරපු ගානෙන් 25%ක් මට ලැබෙන පොරොන්දුව පිටයි මම මේකට එකඟ වුනේ....
කාමරේට ඇවිත් විනාඩි කීයක් ගියාද මම දන්නේ නෑ... ආයෙමත් දොරට තට්ටු කරන හඬ ඇහිලා මම
දොර දිහාවට හැරුනා......************************************
හිස් හැඟීමෙන් මම ගිහින් දොර ඇරියේ ඕන එකක් කියලා...මම බලාගෙන හිටියේ මාව මිලට ගත්ත කෙනා ඒ වෙලාවේ ඇවිත් ඇති කියලා උනත් එතන දොර ඉස්සරහා හිටගෙන හිටියේ මොකද්දෝ පාර්සලයක් අතේ තියාගෙන හිටපු වේටර් බෝයි කෙනෙක්...
ඇයි?
මම දොර කාලක් විතර ඇරලා එලියට මූණ දාලා ඇහුවේ ඒ කොල්ලා මගේ දිහා අනුකම්පාවකින් වගේ බලාගෙන ඉද්දි...මට වැඩක් නෑ දැන් මොකා මොක හිතුවත්...දැන් මම ඇතුලෙන් මැරිලා ඉන්නේ...පිටින් හුස්ම අරන් පණ ගැහුවට ඇතුලෙන් මේ යීබෝ සදහටම මැරිලා ඉවරයි...දැන් නිකන් මම හරියට ඇවිදින රූකඩයක් වගේ...ඉන්නවට ඔහේ වැනෙනවා...එක එකා කියන පදේට නටන්න වෙනවා...ඒක මහ එපා කරපු හැඟීමක්...ඒත් මට දැන් වෙලා තියෙන්නේ හැමදාම වගේ ඒ හැඟීම ඇතුලේ හිර වෙලා ඉන්න...
මේක දෙන්න කිව්වා...
කවුද?
අර කොල්ලා මට එයා අතේ තිබුණ පාර්සලේ දික් කරද්දි, ඒක අතට අරගන්නේ නැතුව මම ඇහුවේ ඒක එව්වෙ කවුද කියලා...
මට ලස්සන සුදු සර් කෙනෙක් තමයි කිව්වේ ඕක ඔය සර්ට දෙන්න කියලා...මෙන්න මේකත් ඒ මහත්තයා, ඔයාගේ අතටම දෙන්න කියලා මට දුන්නා...
කොල්ලා අර පාර්සලේ මගේ අතෙන් තියලා, සාක්කුවෙන් තවත් මොකද්දෝ පොඩි කොල කෑල්ලක අරන් මට දික් කලා...මම ඒකත් අරන් වේටර් බෝයිට සමු දීලා දොර වහලා කාමරේ ඇතුලට ආවේ මේ පර්සලේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඉවසිල්ලක් නැතුව....ඒ වගේම අර දීපු පොඩි ලියුම් කෑල්ල...ඒකෙත් මොනවා ලියලා තියනවද දන්නේ නෑ...පීට්වත් ද දන්නෙ නෑ එවලා තියෙන්නේ...
බලමුකෝ....මම ඇඳ උඩින් වාඩි වෙලා සාක්කුවේ දාගත්ත අර පොඩි කොල කෑල්ල අරන් කියවලා බැලුවා...හතරට නවලා තිබුන කොලෙත් සාමාන්‍ය එකක් නොවෙද්දි ඒකේ පෙනුමෙන්ම ඒක ටිකක් මිල අධික වර්ගයේ එකක් කියලා පෙනුනා....
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...