Chapter 34✨

502 78 45
                                    

එයාගේ බෙල්ට් එකට කැපිලා අත රතු වෙලා තියෙද්දි සමහර වෙලාවට අත් උඩ පහල ගෙනියන වාරයක් වාරයක් පාසා මට රිදුම් දෙන්න ගත්තා...එයාගෙ අතින් තැලිලා මට ලොකු කෙඩෙත්තු ගතියක් දැනෙද්දි මගේ ඇඟේම ශක්තිය එක තැනකට එනවා වගේ දැනෙනකොට මම බැරි බැරි ගාතේ හරි තවත් ටිකක් අතේ වේගේ වැඩි කලේ මුලු ඇඟම වෙව්ලවගෙන මම නිදහස් වෙද්දි...

තවත් දරාගෙන ඉන්න පණ කඳක් මට ඉතුරු වෙලා නොතියෙද්දි මට මතක් මගේ ඇස් දෙක අඳුරකින් වැහිලා යනවා විතරයි...

************************************

මුලු ඇඟම තලා දාලා වගේ මහා එපාකරපු හැගීමක් එක්ක නින්දෙන් ඇහැ ඇරුන මට දැනුනේ මගේ කොණ්ඩේ හරහා යන කාගේ හරි ඇඟිලි වල මෘදු පහසක්... මම ඇස් දෙක පියාගෙනම හිටියේ මොනවා උනත් මේ වෙලාවේ ඒක මට ලොකු සහනයක් නිසා...ටික වෙලාවක් මගේ ඔලුව අතගාපු ඒ අත් ඊළඟට මගේ කම්මුල් උඩ නැවතුනා...

ඒ ස්පර්ශයෙන්ම මම දැන ගත්තා මේ මගේ ළඟ ඉන්නෙ කවුද කියන්න. වෙන කවුරුවත් නෙවෙයි ඒ එයා....කලින් මාව හපයක් වෙනකන් මට රිද්දපු එයා, දැන් ආයෙමත් මාව සනසනවා. මට තේරෙන්නෙ නෑ ඇයි එයා මෙහෙම කරන්නෙ කියලා. එයාට තිබුනේ නිතරම වෙනස් වෙන චරිත ලක්ෂණ. මට එයාගේ මේ හැසිරීම නම් තේරුම් ගන්නම බෑ...

එයා මගේ කම්මුල උඩින් හෙමිහිට ඇඟිලි අරන් ගිහින් දනෙන නොදැනෙන ගානට මගේ නළල උඩින් පොඩි හාදුවක් තිව්වෙ මගේ මුලු හිතම මොකද්දෝ නොතේරෙන දුකකින් වගේම සතුටකින් පිරිලා යද්දි. මට තේරෙන්නෙ නෑ ඒ හැඟීම විස්තර කරන්න..ඒත් ඒක නරක හැඟීමකුත් නෙවෙයි, ඒත් ඒකෙ ලොකු දුකක් හැඟිලා තියෙනවා කියලා නම් මට තේරෙනවා...

මගේ නළල උඩ නතර උන ඒ දෙතොල් වල උණුසුම මට දැනුනේ තත්පර ගානකට උනත්, ඒ උණුසුම මගෙන් ඈත් උන හැටියේ මගේ හිත ලොකු පාලුවකින් පිරිලා ගියා වගේ දැනුනා...මම හිතන්නෙ එයා මට ආයේ රෙද්ද පෙරවලා මෙතනින් යන්න ගියා..

තවත් විනාඩි දහයක් විතර නිදි වගේ එහෙම්මම හිටපු මම හෙමිහිට ඇස් ඇරලා බැලුවේ එයා ඉන්නවද කියලා...පේන තෙක් මානෙක එයා නැති වෙද්දි මම හෙමිහිට ඇඳෙන් බහින්න හැදුවත් ඊයේ මගේ ඔලුව හෙඩ්බෝඩ් එකේ වැදුන පාර තාමත් ටිකක් රිදෙනවා වගේ...මම හිතන්නෙ මම ලොකු වෙලාවක් නිදාගන්න ඇති. ඒකනේ මට දැන් ටිකක් ඇඟේ අමාරු අඩුවෙන් දැනෙන්නේ...මොක උනත් තාමත් වැනි වැනි ඇඳෙන් බැහැ ගත්ත මම, හෙමිහිට බෙඩ්සයිඩ් කබඩ් එකට වාරු වෙලා නැගිටලා යන්න හැදුවත් මම දැක්කෙ පොඩි  කබඩ් එක උඩ බරක් තියලා මොනවදෝ ලියපු කොලයක්....

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now