ඒක නෙවෙයි බං. කොල්ලට අමාරු වෙන එකක් නෑ නේද?
දැනට ලොකු අවුලක් නැති වෙයි. ඒත් මට හිතෙනවා හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් හොඳයි කියලා...
ඒත් බං...
හරි හරි. මං දැක්කා ඉතින් කොල්ලගෙ උඩ ගන්න සසරක් නෑ කියලා...බය වෙන්න එපා මං ඉන්න වෝර්ඩ් එකට දාමු. මං බලන්නම්..
තෑන්ක්ස් මචං. එහෙම කියලා හරි යන්නෙත් නෑ, උඹට පින් බන්...මගේ කොල්ලව බේරුවට...මෙයා මැරුනා නම් මට තවත් මේ ලෝකෙ ඉන්න බැරි වෙයි බන්,...
හරි මට තේරෙනවා උඹේ වේදනාව. දැන් බය නොවී ඉඳපන්. ඔක්කොම හරි යාවි..
හ්ම්ම්...
**********************************
චෙනා එයාව චෙක් කරලා කිව්වෙ එයාව හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් හොඳයි කියලා. ඉතින් මම රෑම එයාවත් අරගෙන ඉක්මනට හොස්පිට්ල් ගියේ චෙනුත් එක්කමයි. කිව්ව විදියටම යීබෝව චෙන්ගෙ වෝඩ් එකට දා ගන්න පුලුවන් උන නිසා මට දැන් ටිකක් හිතට සැනසීමයි...
වෙලාවට එයාට ඉන්ජෙක්ට් කරපු බෙහෙතක් නිසා එයා තාම නිදි. ඒත් එයා ඇහැ ඇරුනට පස්සෙ මම කොහොමද එයාට මුහුන දෙන්නෙ කියලා මට හිතා ගන්න බැරි උනා...
එයා තාමත් සුව නින්දේ... මම එයා පේන මානෙ, කාමරේ තියෙන සෝෆා එකේ වාඩි වෙලා බර කල්පනාවක හිටපු බව මටම තේරුනේ චෙන් ඇවිත් මට කතා කරද්දි.
මොකෝ බන් බර කල්පනාවක?
නෑ මචං මට තාම හිතට හරි නෑ මේ වෙච්ච දේ ගැන. මං කොහොමද බං ඒ කොල්ලගෙ මූන බලන්නෙ ආයෙ?
හරි චානා....Be relax first. මුලින්ම හිතපන් උඹ කොල්ලට ඒ දේ කලෙ නරක අදහසකින් නෙවෙයිනේ. ඇරත් එයා තාමත් පිරිසිදු නම් ඒකෙ ලොකු ගැටලුවක් නෑනෙ. මං හිතන්නෙ නෑ කොල්ලට පැහැදිලි කලාට පස්සෙ එයා ඔයාට සමාව නොදී ඉඳියි කියලා...
ඒත් මගේ හිතට හරි නෑ බන්, ඕක විතක් නෙවෙයි, කොල්ලා ඔහොම ලෙඩ උනෙත් මම නිසා...
හ්ම්ම්, දැන් උන දේවල් ගන හිත හිත හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න. කොහොමත් කොල්ලව ඉස්සරහට හොඳට බලා ගන්න වේවි. නැත්නම් එයාව තවත් ලෙඩ වෙන්න පුලුවන්.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...