Chapter 33✨

452 64 30
                                    

කන එක පැත්තකට දාපු මම ඇඳට ගිහින් කොට්ටයක් බදාගෙන ආයෙත් පාරක් අඬන්න ගත්තෙ මගේ අම්මවයි නංගිවයි මතක් වෙලා. දැන් මට ආයේ කවදා ඒ දෙන්නව දකින්න පුලුවන් වෙයිද දන්නෙ නෑ...අඬලා අඬලා තෙහෙට්ටුවටම මට නින්ද ගිහින්...මම නින්දෙන් ඇහැ ඇරුනේ යන්තමට ඇහුන උගුර පාදන හඬකින්....

****************************

ග්ර්....හ්ම්...

පපී තාම නිදිද? දැන් නැගිටින්න කොල්ලෝ....

ම්හ්ක්....

නැගිටපිය කම්මැලි කොල්ලො, රෑට කෑම කන්නේ නැද්ද?

ආ...හ්...

නැගිටිනවා ඉතින් ඔතන තවත් කම්මැලි කමේ ඇඹරෙන්නෙ නැතුව...

එයා ඇවිත්...ඒත් කොයි වෙලාවෙද? මම දන්නෙවත් නැතුව මට හොඳටම නින්ද ගිහිල්ලා...මම ඇහැ ඇරුනේ එයා මට කතා කරනවා ඇහිලා...එයා මට හොඳින් කතා කලත් මම එයාට බය උනා. කොටින්ම කිව්වොත් මට එයා ව විශ්වාස නැති ගතියක් දැනුනා...එයා මගේ ඉස්සරහම කිසි ගානක් නැතුව මිනිස්සු මරලා දාපු හැටි මතක් වෙද්දි මගේ හිත කිව්වෙම පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා...මොකද සර්පයා කියන්නේ සර්පයටම තමයි...කිරි පොවලා උකුලේ තියාගෙන හැදුවත් දවසක ඌට අපිව හපන්න හිතුන දවසක ඌ අපිව අනිවාර්යෙන්ම හපනවා...ඉතින් මෙයා දැන් කොහොම මට හොඳින් කතා කලත් දවසක මෙයාට මාව එපා උන දවසක අන්තිමට මටත් වෙන්නෙ මැරිලා යන්න...

ඉතින් හොඳම දේ පුලුවන් තරම් එයාගෙන් ඈත් වෙලා ඉන්න බලන එක...එයා මගේ ගාවට එන්න ගියත් මම ඇඳ මුල්ලටම ගුලි උනේ එයා ඉන්න තැනම නැවතිලා මගේ දිහා අමුතුවට බලද්දි...

යීබෝ...

එන්න එපා මගේ ගාවට....

යීබෝ...මම කියනදේ අහන්න ළමයෝ...

නෑ..මට තමුන් කියන කිසි දෙයක් අහන්න ඕන නෑ...යනවා මෙතනින්...

මම කෑගහන්න ගත්තෙ හිතේ දුකට වගේම වේදනාවට...මොකද මට එයාව දකින වාරයක් වාරයක් පාසා මතක් වෙන්නෙ අර මගේ ඉස්සරහා මැරිලා ගියපු මිනිස්සු වෙනකොට, මට හිතුනෙත් එයා මොන්ම වෙලාවක හරි මාවත් මරලා දාවි කියලා...කවුද දන්නෙ මෙයාට මොන පිස්සුවක් තියනවද කියලා හිතුමතේ මිනිස්සු මර මර යන්න...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now