ඉන්නවකෝ බලන්න, මේපාර නම් මම ඉන්න තැන හොයාගෙන ගිහින් කියනවා මට තවත් ඉන්න බෑ කියලා..මට බෑ මෙතන වැනි වැනි නිකන් ඉන්න. නිකමට කතා කරන්න මෙතන බලු බල්ලෙක් නෑ. ඉතින් කොහොමද මනුස්සයෙක් මෙහෙම නිකන් බලන් ඉන්නෙ..ඔක්කොමත් හරි එතනට එන බාගෙට බාගයක්ම මං ගැනත් අවදානෙ යොමු කරලා හිටියේ කියන්නවත් එයා මං ලඟ නෑ..
ඕන මගුලක්, බැන්නත් මොකද ගිහින් බලනවා කොයි ලෝකෙද මෙයා ගිහින් තියෙන්නෙ කියලා.
අන්තිමට උත්සහවන්තයා ජය ගනී කියන එක සනාත කරලා මම එයාව හොයා ගත්තා. ඒත් මම දැක්ක දේ එක්ක මගේ ඇස් අදහා ගන්න බැරි උනා.
*************************************
මම දැක්ක දේ මගේ ඇස් වලට විස්වාස කරන්න බෑ වගේ. මගේ ඇස් පිලිගන්නෙම නෑ ඒ දැක්ක දේ ඇත්තක් කියලා...
ඔව් මං දෙයක් දක්කා...ඔයාලා කියාවි ඉතින් ඔයාට මොකද ඔයාට නම් ඒක කොහෙත්ම අදාල දෙයක් නෙවෙයි නේද කියලා. ඔව් හරි විදියට නම් මට ඒක අදාලම නෑ තමයි...ඒත් මොන කරුමෙකටද මන්දා මගේ හිත කියනවා ඒක මට අදාලයි කියලා...මොක වුනත් ඒ මම දැක්ක දේ මාව කොච්ච්කර අවුල් කලාද කියනවන්ම් මට උන් හිටි තැන් පවා අමතක උනා. ඇත්තටම මං දැක්කදේට දුක් වෙන්න ඒක මට කොහෙත්ම අදාල නෑ කියලා දන්නවා උනත් මට ඒක බලාගෙන ඉන්න බැරි උනා...
මට ඉක්මනට මෙතනින් යන්න ඕන උනා...තවත් ඒදේ මගේ ඇස් වලට නොපෙනෙන තැනකට යන්න මට ඕන උනා...මම මගේ කකුල් වලට යන්න කියලා කොච්චර අණ කලත් දැන් මගේ කකුල් මගේ අණ පිලිපදින්නේ නෑ වගේ...මට ඕන උනා ඒ ඇස් එක්ක මගේ ඇස් මුන නොගැහෙන්න... ඒත් මං පරක්කු වැඩියි...මම එතනට මීටර් දෙක තුනක් එහායින් උන්නත් ඒ ඇස් අන්තිමට නතර උනේ මගේ ඇස් දෙකේ...ඒ බැල්ම... මට මතක නෑ මොනවද ඒ ඇස් වල ඒ වෙලාවෙ කියවුනේ කියලා...ඒ ඇස් දෙක කියවන්න මට ඒ වෙලාවෙ හරි සිහියක් තිබුනෙත් නෑ... මගේ හිත නොසන්සුන්.. සෑහෙන්න නොසන්සුන්...මීට කලින් කවදාවත් දැනිලා නැති විදියට මගේ හිත සැලෙන්න අරන් කියලා මට දැනෙනවා...
බාර් එකේ උස ස්ටූල් එකකට වෙලා මොනවාහරි මත් වෙන මලහත්තිලව්වක් බොන ගමන් හිටිය එයාගේ රතු උන ඇස් දෙක විතරයි මට මතක...මට තවත් එතන ඉන්න බැරි උනා...මම එන්න ආවා එතනින්...තව තප්පරයක්වත් මම එතන හිටියා නම් මම මොනවා කරයිද කියලා දෙයියෝ තමයි දන්නෙ...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...