Chapter 60✨

1K 61 110
                                    

මට සමාවෙන්න Yibo මම නිසා ඔයාට වුන හැදේකටම...මම දන්නවා සමා වෙන්න කියලා කිව්ව පලියට වෙච්චි කිසිම දෙයක් ආපස්සට හරවන්න බෑ කියලා... ඒත් මම දන්නේ නෑ මම මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕන කියලා...මම දන්නවා ඔයාට දැන් මාව අප්පිරිය ඇති...බය වෙන්න එපා, මම ඔයාට ඉක්මනටම මගෙන් නිදහස් වෙලා යන්න දෙන්නම්...ඒත් පුළුවන් නම් මට සමාව දෙන්න Yibo...

************************************

මොකද්ද තමුසේ කිව්වේ? ආ...ආයේ කියනවා බලන්න..

Yibo...

තමුසෙට ඕන කමට බැඳලා තමුසෙට ඕන විදියට ඩිවෝස් වෙන්න මේක මොකක් කියලද හිතන්නේ ආ...? මේක හොඳට අහගන්නවා Mr.Xiao Zhan.... තමුසේ කසාද බැන්දේ මේ Wang Yibo ව. දැන් තමුසෙට ඕන උනත් තමුසෙට මගෙන් ගැලවෙන්න මම ඉඩ තියන්නේ නෑ...ඒක නිසා මගේ ගාවටම වෙලා මැරෙනකං ජීවත් වෙන්න හිත හදා ගත්තොත් හොඳයි...

මම කියපුවා අහපු එයා එකසැරේ නැගිටලා මට හිතන්නෙවත් කාලයක් නොදී මගේ කොලර් එකෙන් අල්ලලා ඇදලා ගත්තේ මම වුන දේ හිතාගන්න බැරුව වික්ෂිප්ත වෙලා එයා දිහා බලන් ඉද්දී....

මම හිතුවෙ මම එයාගෙන් හොඳ හැටි ගුටි කයි කියලා උනත්, අන්තිමට එයා කියපු දේ එක්ක මට මගේ කඳුළු තවදුරටත් පාලනය කර ගන්න බැරි වුණා....

ඒ ඇස් මගේ ඇස් අතරේ අතරමං වෙලා මොකද්දෝ රහසක් කියනවා... විනාඩි කීයක් නම් මමත් ඒ තරු ඇස් අතරේ ගිලිලා හිටියද කියන්න දන්නේ නෑ... ඒ ඇස් දෙක ඇතුලට ඇතුලට කොච්චර කිමිදුනත් ඉවරයක් නැති වෙද්දි, මට ඒ ඇස් අතරින් අන්තිමට හම්බුනේ මගෙන් ගිලිහුනු මගේ ආත්මෙමයි.... ඒ ඇස් හරි ගැඹුරුයි... ගැඹුරු ළිඳක පතුලේ දිලිසෙන හඳ වගේ ඒ ඇස් වල සම්පූර්ණයෙන්ම හිටියේ මේ මම විතරයි... ඉතින් එයා ඒ නොකියා කිව්ව කතාව මොකද්ද කියලා මට ඒ ඇස් කිව්වත්,මම හිටියේ තනිකරම වෙනමම ලෝකෙක....

මොකද ඔහොම බලන් ඉන්නේ ආ...?

Ah...Yibo...

ඔව්,Yibo තමයි...මොකෝ මගේ යක්ෂ හාවගේ කට වැහිලා...

ඒත්...මේ...මම..හ්...බ්...ක්...

කලින් මාව මරං කන්න වගේ හිටපු එකා ඒපාර මෙන්න වෙස් පෙරලන්න අරං...සිද්ද වෙච්ච දේවල් තේරුම් ගන්න බැරුව අතන මතන වෙලා හිටපු මම යන්තම් කතා කරන්න හැදුවා විතරයි  සීතල තොල් දෙකකින් මගේ තොල් දෙක සීල් වෙලා ගියේ මොහොතකට මට හැම දේම අමතක කරවලා....

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now