හැබැයි එයා පේන්න නැති නිසා මම පොඩ්ඩක් එලියට ගිහින් බලන්න හැදුවත් මට වඩා එයා අඩි කීපයකින්ම ඉදිරියෙන් කියලා මට තේරුනේ ඊළඟ තත්පරේ මගේ ඉස්සරහට ආපු එයාව දැකලා.
කොහෙද පොඩි හොරා යන්නෙ ම්ම්ම්ම්....
************************************
හරිනේ, ඔන්න ඇවිත්..මේ මිනිහට නම් දිවැස් තියේද කොහෙද. පොඩ්ඩ එහෙමෙහෙ උනත් ඇන්ටනාව මෙහෙට දාලා තියෙන්නෙ...
ආ...මේ මං...බැලුවේ...
මොකෝ ගොත ගහන්නේ? මං නැති ඩිංගට පැනලා යන්න ද ලෑස්තිය? ම්...
පැනලා යන්න. පිස්සුද.. මං මොකටද පැනලා යන්නේ? මං යනවා නම් කියලා යනවා...
ම්....මෙහෙ එන්න.
අර මොකටද?
කිව්වම එනවකෝ බං ප්‍රශ්න අහන්නේ නැතුව.
එයා මට ළඟට එන්න කිව්වත් මං මොකටද කියලා අහද්දි, මං එයා ළඟට ආපු නැති නිසා එකසැරේම මං ගාවට ආපු එයා මගේ මගේ ඉනෙන් ඇදලා එයා ළඟට ගත්තේ මට කෑගැස්සෙද්දි....
ආහ්..
මොකද?
අතාරින්න..
ඔහොම ඉන්නවා...
ඒ, ඔය මොකද්ද කරන්නේ?
කට වහන් ඉන්නවකෝ බං. පොඩ්ඩ ඇත්තන් ඇති චුරු චුරුව නම්...
එයා මාව ඉනෙන් ඇල්ලුවේ හරියටම ඊයේ මගේ ඉන වැදුන තැන වෙද්දි මට රිදුනා... ඒත් එක්කම මං ඒ වෙලාවෙ කොහෙත් මං නොහිතපු දෙයක් එයා කලේ.....
එකසැරේම මගේ ෂර්ට් එක උඩට උස්සපු එයා ඒ වැදුන තැන ඇඟිලි තුඩු වලින් හෙමින් අතගාන්න ගත්තෙ මගේ පිට දිගේ අමුතු හිරියක් ගලාගෙන යද්දි...
අ.. අයින් වෙන්න.. ඔයා ඔය මොකද කරන්නේ?
කලින් මගේ ඉනේ තිබුණ ඒ ඇස් ආයෙත් මගේ ඇස් වල පැටලුනා... ඒ බැල්ම මට තේරෙන්නේ නෑ විස්තර කරන්න...ඒකේ තියෙන්නේ දුකක් ද, තරහක් ද, අනුකම්පාවක් ද? මට කියන්න බෑ...
රිදෙනවද?
මගේ ඇස් දිහා බලාගෙන එයා එහෙම අහද්දි තාමත් හෙමිහිට නොදැනෙන ගානට මගේ ඉන අතගාන ඒ ඇඟිලි වල පහසට මට නිකං මොනවද වෙලා වගේ මට කතා කරන්න ඕන වුනත් මට බැරි වුණා...මං කලේ ඒ ඇස් දිහා බලන් හිටපු එක විතරක් වෙනකොට එකසැරේම මගේ මතකයට ආපු දෙයක් නිසා මගේ ඇස් වලට කඳුළු පිරුණා...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...