Chapter 10✨

794 119 35
                                    

මම හිතින් බැන බැන උනත් බීම එක හෙමි හෙමින් බොන්න පටන් ගත්තා. මොක උනත් ඒක රසයි ඉතින්. ඒකෙ අයිස් කැට දාපු නිසා එකසැරේ උගුරක් බීපු පාර ඒකට නිකන් මගේ දිවත් මොකද්ද වෙලා ගියා. එයා නම් හෙමි හෙමිහිට වොඩ්කා ග්ලාස් එකකට වග කියනවා. මොකක් හරි ලොකු කල්පනාවක වගේ එයා ඉන්නෙ කියලා ඒ මූනෙන් මට කියන්න පුලුවන්. මෙතන තනියෙන් බකන්නිලාගෙන ඉන්නවට වඩා එයා මෙතන කතා නොකලත් මගේ තනියට හරි ඉන්න එක එක අතකට මට ලොකු සහනයක් උනා...

*****************************************

මම නම් මට ගෙනැල්ල දීපු බීම එක බීලා ඉවර වෙන්නත් ළඟයි. ඒත් එයා නම් කීප සැරයක්ම වීදුරුවට පුරවගෙන බිබී කල්පනා කරනවා. මොනවද මන් දන්නෙ නෑ මෙයාට මෙච්චරටම කල්පනා කරන්න තියෙන්නෙ? උගුරක් බොනවා ඈත බලාගෙන කල්පනා කරනවා. ආයෙ උගුරක් බොනවා වෙලාවකට ඇස් දෙක පියාගෙන ටිකක් වෙලා කල්පනා කරනවාආව ආවමයි බීම එක දුන්නට පස්සෙ මෙයා මාත් එක්ක තවම වචනයක් කතා කලේ නෑ. පුදුම මනුස්සයෙක් තමයි. ලව් කරන්නෙ නැති එක ඇත්ත. ඒත් ඉතින් තමන් එක්ක ආපු මනුස්සයත් එක්ක නිකන් මූනට මූන බලන් ඉන්නෙ නැතුව ඩිංගක් කතා කලා නම් හෙන ගහනවද මං අහන්නෙ. ඒත් කෝ මේ මිනිහගෙ නෑ කිසි කතාවක්. ඔහේ ඉන්නවා බුම්මට්ටා වගේ...

අනේ මට නම් එපා වෙලා අප්පා දැන්. මෙතනට ඇවිල්ලත් දැන් පැය බාගයකට වඩා වැඩියි මන් හිතන්නෙ. මම මෙතන කම්මැලි කමේ හිටියට ක්ලබ් එක කියන්නෙ ඉතින් වෙන මිනිස්සුනම් ඇති වෙන්න විනෝද වෙන තැනක්. ඒත් කට්ටියක් විනෝද වෙනකොට මම අද මෙතන තනි වෙලා වෙගේ මට දැනෙනවා. මට පාලුයි. කතා කරන්න කවුරුවත් නෑ. ඩාන්සින් ෆ්ලෝ එකේ නම් කට්ටිය හොඳ හැටියට නටනවා. මටත් ආසයි ගිහින් පොඩ්ඩක් නටලා එන්න. මං මීට කලින් ඔහොම ගිහින් නටලම නෑ. ඔව් ඉතින් මම වැඩ කරන්න හැමදාම ක්ලබ් ගියාට කස්ටමර් කෙනෙක් විදියට ක්ලබ් එකකට ආපු පලවෙනි වතාව මේක. මට නටන්නත් හොඳට පුලුවන් එකේ සින්දුව ඇහෙනකොට නිකන් කකුල් ඉබේම නැටවෙන්න එනවා. ඒත් ඉතින් මේ මගේ ඉස්සරහා ඉන්න එක්කෙනාගෙන් අහන්නෙ නතුව මට දැන් හැරෙන්නවත් බෑ ඉතින්. නටන්න ආස උනත් මෙයාගෙන් අහන්නත් කම්මැලියි වගේ. ඒක නිකන් හරියට පොඩි එකෙක් මොනවා හරි කරන්න කලින් තාත්තාගෙන් අවසර ඉල්ලනවා වගේ වැඩක්නේ. මමත් ලොකු කොල්ලෙක්, තනියම ක්ලබ් ආවනම් මම කාගෙන්වත් අහ අහ ඉන්න ඕන නෑනේ කෙලින්ම ගියා නැටුවා..

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now