Chapter 48✨

388 56 44
                                    

ස්තූතියි ඔබ සියලු දෙනාටම...අද මේ අවස්තාවට සහභාගී වූ ඔබ සියලු දෙනාටම ඉදිරිපත් කිරීමට තවත් වටිනා අංගයක් ඉතිරිව පවතිනවා....ඇත්තෙන්ම කිව්වොත් මෙය වෙනස් ගනයේ වටිනා දෙයක් කිව්වොත් නිවැරදියි....

නිවේදකයා නිවේදනය කර හමාර වෙනවාත් සමගම මුලු හෝල් එකම අන්ධකාරයෙන් වැසී ගියේ වේදිකාවේ එක තැනකට පමනක් මෘදු ආලෝක ධාරාවක් එල්ල වෙද්දි....

**********************************

ආලෝකය මැදින් මතු වුනේ සුදු කමීසයකට කලු කලිසමක් ඇඳලා ඇස් දෙක කලු පටියකින් ආවරණය කර ගත්ත කොල්ලෙක්...ඔහු ඉන්න තැන විතරක් ආලෝකමත් වෙද්දි ඇනිත් හැම තැනම අන්ධකාරයෙන් වැසී ගිහින් තිබුණා...සංගීතය ආරම්භ වෙනවත් එක්කම ඔහු නැටුම පටන් ගනිද්දි, හැමෝගෙම ඇස් ඔහු පස්සෙන් දුවන්න ගත්තෙ ඔහුගේ අද්විතීය නර්තන කුසලතාවය සියලුදෙනාගෙම හදවත් අමන්දානන්දයෙන් පුරවාලමින්.....

ඔහුගේ සරාගී නර්තනය හමුවේ මෙතන සිටි බොහෝ අයගේ හැගීම් ඇවිස්සෙද්දි, නර්තනය අවසන් වීමටත් ප්‍රථමයෙන් ඔහු වෙනුවෙන් කට්ටිය bid කරන්න පටන්ගෙන තිබුනා...ඉදිරිපස තිරයේ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන මිල ගනන් දර්ශනය වෙද්දි අවසන් අදියර වනවිට ප්‍රබලයන් දෙදෙනෙකු පමනක් තවමත් එකිනෙකා පරයා ඔහු වෙනුවෙන් තරඟ කරමින් සිටියා...මේ වගේ රාත්‍රියක, තම උවමනාවන්ටත් වඩා මෙවැනි දේවල් වලට අධික මිල ගනන් වියදම් කරන්නේ බොහෝ සල්ලිකරයන් තම බලය අනික් අයට විදහා පෑමටයි....ඉතින් මේ බර අතු දෙකත් දැන් සීතල යුද්ධයකට පැටලී සිටින්නේ මේ සරාගී නර්තන ශිල්පියා අද රාත්‍රියේ ඔහුගේ කර ගැනීමටයි....

bid එක සැරටම කෙරීගෙන යද්දි, වේදිකාව මත ඔහුගේ නර්තනයත් එන්න එන්න වේගවත් වගේම හැඟීම්බර වෙන්න ගත්තා...මුලින් blind fold dance එකක් කරපු එයා ටික වෙලාවකින් ඇස් බැඳලා තිබුණ පටිය ගලවලා නර්තනයේ යෙදෙන්න ගත්තේ ඔහුගේ සුන්දර මුහුණ පෙන්වා මුලු සභාවේම අවදානය ඔහු වෙතට කැන්දා ගනිමින්...

තාලෙට ගමන් කරන ඔහුගේ අත්පා, සංගීත නාදයට අනුව රටා මවද්දි ඔහුගේ මුව දුටු කෙනෙකුගේ හදවතේ වේගය වැඩි වූයේ, සීතල යුද්ධයේ උණුසුම තවත් වැඩි කරමින්....












I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now