Chapter 7✨

758 124 21
                                    


දැන් ඇතුලට යන්නත් බැරි නිසා මම ඉතින් දොර ගාව එලියට වෙලා හිටියා. අම්මෝ විනාඩි විස්සක විතර ඉඳලා මම මෙතන. ඔන්න ඔෆිස් එකේ දොර ඇරගෙන අනිත් කෙල්ලත් මූන එල්ලගෙන එලියට ආවා. ඒකිත් අඬලද කොහෙද. මූනත් හොඳටම ඇකිලිලා ඇසුත් රතු වෙලා. මගේ දිහාවත් නොබලා එකිත් ඉක්මනට දුවලා ගියා...

************************************

මට නම් දැන් ඇතුලට යන්නත් බයයි වගේ. ඇයි ඉතින් මෙයාට දැන් හොඳටම යකා නැගපු වෙලාවක්නේ මේක. ඒත් ඉතින් මොනව කියලා කරන්නද, මට එන්න කියල පණිවිඩේකුත් එවලා තිබුනනේ. දැන් මම ගියේ නැත්නම් ඒකටත් මෙතන කෑගහන්න ගනීවි. ඕන එකක් මම වැරැද්දක් කලේ නෑනේ, ගිහින් බලනවා.

ටක් ටක් ටක්...

එනවා ඇතුලට..

අද නම් ටෝන් එක හරිම නෑ. හෙන යක්ෂ පාටයි. තවත් කවුරුහරි කරදර කාරයෙක් කියලා කෑගහන්න කටත් හදාගෙන එයා ගිනි පිටවෙන ඇස් වලින් එන්නෙ මොකා උනත් හොඳ වදනින් අමතන්න බලාගෙන හිටියා. ඒ මූන දැක්කම ආයෙ දෙකක් නැතුව ඒක කියන්න පුලුවන්.

තමුන් දැන්ද එන්නෙ? බලනවා වෙලාව කීයද කියලා. මම තමුසෙට එන්න කියලා දැන් කොච්චර වෙලා කියලද හිතන්නෙ?

සර්, මම සර්ගෙ පණිවිඩේ ලැබුන ගමන්ම ආවා, ඒත් මෙත්න ඔෆිස් එක ඇතුලේ සර් තවත් අය එක්ක කතා කර කර හිටපු නිසා එයාල එලියට එනකන් මම බලාගෙන හිටියා.

එයා මට දාගෙන බනිද්දි මමත් ඉතින් වෙච්ච සිද්දිය කෙටියෙන් නමුත් කෙලින් කියලා දැම්මා. මමත් මොකටද බය වෙන්නෙ. මූන දිහා බලාගෙනම මම කෙලින්ම මගේ ප්‍රමාදයට හේතු ඉදිරිපත් කලා. එතකොට නම් එයාගෙ සද්දෙ ටිකක් අඩු උනාට ලොකුකම නම් බැස්සෙ නෑ.

කවුද තමුන්ට දැන් එතන නැවතිලා ඉන්න කිව්වෙ? මම එන්න කිව්ව වෙලාවට තමුන් ඇතුලට එන්නෙ නැතුව එලියට වෙලා හිටියහම හරියනවද?

සොරි සර්. ආයේ එහෙම වෙන්නෙ නෑ.

වැරැද්ද මගේ නොවුනත් මම ඒ වෙලාවෙ එයාගෙන් සමාව ගත්තා. මොකද දැන් එයා ඉන්නෙ දෙයක් පැහදිලි කලාට තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි කියලා මට හොඳට තේරෙනවා.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now