මට එයාව බේර ගන්න බැරි උනා, ඇයි දෙයියනේ එහෙම උනේ...මාව ඒ හෙලෙන් පල්ලෙහාට වැටිලා මැරිලා ගියා නම් ඉවරයි නේ...මම දැක්කා, උන් මට කරදර කරත් Zhan geට උන් තුවාල කරන්නවත් වෙඩි තියන්නවත් ගියේ නෑ...උන් පුලුවන් තරම් උත්සාහ කලේ එයාව බේරලා මට ඇටෑක් කරන්න වෙනකොට, සමහර විට එයා ඉතුරු උනා නම් එයාට ජීවිතේ බේර ගන්නා අවස්තාවක් වත් තියෙන්න තිබුනා...
ඒත් අන්තිමට මෙතන ඉතුරු උනේ කාලකණ්නි මම විතරක් වෙනකොට ඒ ඩිංගට තවත් කට්ටියක් එතනට ඇවිත් තිබුණා...මට ඇනපු එකත් මගේ එහා පැත්තෙම වැටිලා ඉන්නකොට තව එකෙක් ඇවිත් මගේ මූණට පයින් පාරක් ගැහුවේ හැම දේම මට අඳුරු වෙලා යද්දි....
************************************
ආආහ්....
ඇඟ පුරාවටම දැනෙන වේදනාවත් එක්ක මම අමාරුවෙ ඇස් ඇර ගත්තේ අර සිද්ද උන හැම දෙයක්ම හීනයක් උනා නම් කියලා හිතන ගමන්...ඒත් ඒ එක දෙයක්වත් හීනයක් නෙවෙයි කියන්න මගේ ඇඟ පුරාවටම දැනෙන වේදනාව සාක්ෂි දරද්දි ඇඳුරු කාමරේ ගානට ඇස් දෙක හුරු කර ගන්න මම හෙමිහිට ඇස් ඇරලා වටපිට බැලුවත්, කෑලි කපන්න පුලුවන් අඳුර ඇරෙන්න මගේ තනියට එතන කිසි එකෙක් නෑ කියලා මම තේරුම් ගත්තා...
තත්පරෙන් තත්පරේ වෙලාව යනවා...මගේ ඇඟේ තුවාල වල වේදනාව මුලින් වගේ තදට දැනුනේ නැති උනත් ඒ තුවාල ඇදුම් කන්න ගත්තහම දැනෙන වේදනාවට ඇස් වලට කඳුලු පිරෙනවා...මගේ අත පය ඔක්කොම තදට ගැටගහලා තියෙනකොට මට සිද්දඋනේ ඔහේ මළ මිනියක් ගානට ගැටගහපු කණුවට හේත්තු වෙලා ඉන්න...මාව ගැටගහලා තියෙන කණුවේ සීතල පිටට දැනෙද්දි, මම ඉන්නෙ උඩට ශර්ට් එකක්වත් නැතුව කියලා මට තේරුනේ ටිකකට කලින්....මට තේරෙන්නෙ නෑ ඇයි අපිට මෙහෙම උනේ කියන්න...එයාට මොනවා උනාද දන්නෙ නෑ...අනේ දෙවියනේ මම ඉල්ලන්නේ එක දෙයයි, මගේ ජීවිතේට තව එක මෝහොතකින් මොනවා වෙයිද කියන්න මම දන්නෙ නෑ...ඒත් මගේ Zhan ge ගේ ජීවිතේ බේරලා දෙන්න....ඒක තමයි දැන් මගේ එකම පැතුම...
ආදරේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්...ආදරේට පුලුවන් මිනිස්සු වෙනස් කරන්න...කාලයක් එයාට වෛර කරපු මම ම දැන් මගේ ජීවිතේ ගැන තියන ආසාවත් අතෑරලා එයාගේ ජීවිතේ වෙනුවෙන් දෙවියන් යදින ගානට පත් වෙලා...මට බයක් නෑ මැරෙන්න...ඒත් මට පොඩි දුකක් හරි තියෙනවා නම් ඒ මගේ පවුල ගැනයි එයා ගැනයි...සමහරවිට මේ ආත්මේ අපිට එක වීමක් නැතුව ඇති...ඒකද එයා නිතරම එයාගේ ජීවිතේ ගැන ශුවර් නොකර හිටියේ...ඒකද එයා මාව හංගන් හිටියේ...එයා දැනගෙන හිටියද අපිට කවදම හරි මෙහෙම වෙන් වෙන්න සිද්ද වෙන බව...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...