එපා... එපා... එපා...මාව මරන්න එපා...අනේ... එපා... අයියෝ....
ආහ්...හූ.....හූ......හූ..... දනවා දනවා....අම්මෝ.....බේර ගනියෝ....ආ....ආ....එක එක වෙලාවට එක එක විකාර කියව කියව දඟලන ඔහු නොදැනිම තමන්ටම බොහෝ හානි කරගෙන තිබුණා....
අන්තිමට ඇඟ දනවා කියමින් කෑ ගසමින් එහි මෙහි දුවමින් සිටි ඔහුට දැක ගත හැකි වූයේ තමා සිටි කුටියේ කෙලවරින් එන ආලෝකයක්...ඒ දෙසට දිව ගිය ඔහුට දැක ගත හැකි වූයේ මදක් විවර කර තිබූ දොරක්...එම දොරටුවෙන් ඇතුළු වූ ඔහුට දැක ගත හැකි වූයේ.....
************************************
....නිල් කැටේට වතුර පිරුණු ලස්සන pool එකක්. කිසිවෙකු පෙනෙන්නට නොමැති ඒ කුටිය සිසාර පැවතුනේ මේ නිල්පාට වතුර පිරුණු සුන්දර පොකුණ...මුලු ගතම දැවෙන මිනිසෙකුට දිය බිඳක් දැක්කත් එයම මහත් වූ සහනයක්. ඉතින් මුළු සිරුරම දැවෙනවා මෙන් දැනෙන ඔහුට මේ දකින දර්ශනය හරියට කාන්තාරයට වැටෙන වැස්සක් වැනිය...
''ජබොස්...''
දෙවරක් නොහිතාම ඔහු වතුරට පැන්නේ, ඒ ගත්ත තීරණය කෙතරම් නම් බරපතල දැයි නොදැන..
කුෂ්ට රෝගියෙක්ට තුවාලය කසන්න කසන්න කෙතරම් සනීපයක් දැනුනත් කැසීම නැවැත් වූ සැනින් දැනෙන වේදනාව කියා නිම කළ නොහැකියි...ඒ වගේම ඇඟ පුරා තුවාල පිරුණු ඔහු සිරුර දැවෙන ගතිය නැති කර ගැනීමට වතුරට පැන්නත්, අනේ වතුරට නොපැන්නා නම් කියා ඔහුට සිතුනේ දියට පැන මොහොතක් ගතවූ පසුයි.
බාගෙට තැම්බුණු සිරුරේ තුවාල හරහා සීතල වතුර කිඳා බසිද්දී දැනෙන ඇඟ සලිත කරවන වේදනාව දරා ගන්නට නොහැකිව ඔහු අත්පා එහි මෙහි ගසමින් දියේ එහි මෙහි පීනුවේ ඔහු අසල ජලය ඔහුගෙන් ගලා ගිය රුධිරයෙන් රත් පැහැ ගැන්වෙද්දී.....කෙතරම් තුවාල වී තිබුණත් තවමත් ඔහු දියේ ගිලී මිය යන තරමට දුර්වලයෙකු වී නොසිටියේය...ඔහුගේ සෑම ප්‍රයත්නයක්ම කෙසේ හෝ පිහිනා ගොස් එගොඩට වී දිවි ගලවා ගැනීමටයි. සියලු වේදනා දරා ගනිමින් ඔහු මේ තවමත් උත්සාහ දරණුයේ නිශ්ඵල කාර්යයකට බව ඔහු දන්නේ නැත...
මේ පොකුණේ දිය කෙලින්නේ ඔහු පමණක් නොවන බව ඔහු දන්නේ නම් ඔහු කිසිදා මෙහි බසිනු තබා ඒ අසලකට වත් නොපැමිණෙනු ඇත...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...