Yizi අපි දෙන්නටම තර්ජනය කරලා අඩි හප්පගෙන රූම් එකෙන් එලියට ගියා. යන්තම් දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ...
මම යන්තම් දොරෙන් එහාට ඇස් දෙක අහකට ගත්තා විතරයි, දොර ළඟම හිටගෙන හිටපු යීබෝ දොරත් වහලා ලොක් කලේ මගේ දිහාවටත් අමුතු බැල්මක් දාලා...
මූට නම් අද මොන යකෙක් වැහිලද මන්දා..මට ඇල්ලුවෙම නෑ ඒ බලපු බැලිල්ල....
************************************.
දොර වහපු එයා අඩියෙන් අඩිය මගේ ළඟට ආවෙ අර කට කොනේ අමුතු හිනාවත් එක්ක. එයා අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි මම අඩියෙන් අඩිය පස්සට ගියේ හරියට ඒ ඇස් මාව වශීයකින් පාලනය කරනවා වගේ...අන්තිමට මම ගිහින් මෙගේ මේසෙටම හේතු උනේ මට තවත් යන්න පාරක් ඉතුරු නොකර...අන්තිමට කලින් වතාවෙ යීසිව හිර උනා වගේම මාවත් හිර උනා එයයි මේසෙයි අතරට...
ඒයි...යීබෝ...ඔය මොකද කරන්න හදන්නෙ?
මොනවා කරන්න හදනවා වගේද පේන්නේ?
යනවා එහාට...
පොඩ්ඩක් ඉන්න ඉතින්...
එයා මගේ මූනට එබිලා ඇහිබැමකුත් උඩදාලා අහපු විදියට නම් මූ එන පොට හොඳ නෑ කියලා මට තේරුනා..ඒ නිසා මම එයාව අහකට කරලා ඉක්මනට එතනින් මාරු වෙන්න හැදුවෙ මේකා කලින් ඉඳපු විදියට මොනවා කරයිද කියලා මට ශුවර් නැති නිසා...අන්තිමට එයා අත් දෙක මේසෙ දෙපැත්තෙන් තියලා මාව ඒ මැද්දට හිර කර ගත්තේ අර කලින් තිබුන මරුමුස් මූන සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන මහ නසරාණි හිනාවක් කට කොනට අරගෙන...
බය උනාද ඉතින් ලොකු සර්?
ම්...මේ මම? පිස්සුද?
ශුවර්ද?
ශුවර් ශුවර්...
එහෙනම් මොකෝ මේ දාඩිය දාලා?
මට, කෝ කොහෙද?
මහ ලොකු බොස්, ඒ වුනාට කට විතරයි...කෙල්ලෙක් ඇවිත් කරේ නගින්න හැදුවම වෙව්ලනවා...
මං..නෑ...
ඤෑ...තමයි...මං දැක්කනේ...කෝ ඉතින් දඟලන්න එපා...
එයා මට කිව්වා මට දාඩිය දාලලු. මේ A/C එකෙත් මට දාඩිය දාලද කියලා මම කල්පනා කරද්දි එයා එයාගෙ සාක්කුවෙන් ලේන්සුව අරගෙන මගේ නළල හෙමිහිට පිහිදාන්න ගත්තෙ මගේ ඇස් දිහාම බලාගෙන වෙනකොට මට ඒක ලොකු අපහසුවක් උනා..ඒ නිසා මම එහාට වෙන්න හැදුවත් එයා මගේ අතින් අල්ලලා නතර කරගෙන මගේ නළල සම්පූර්ණයෙන්ම හෙමිහිට පිහිදැම්මා...ඒ බැල්ම ඒ ස්පර්ශය මාව පිස්සු වට්ටනවා...තව නම් බෑ...තව ටික වෙලාවක් මෙහෙම හිටියොත් මට ඉන්න බැරි වෙයි...යකෝ මගේ හාට් එක..ඒකට මොකද්ද වේගෙන වේගෙන එනවා වගේ... මගේ හාට් බීට් එක එන්න එන්නම වැඩිවෙනවා දැනෙනකොට මම බය වුනා ඒක එයාටත් ඇහේවිද කියලා....
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...