Chapter 27✨(Bonus)

539 79 30
                                    

ඒ ඔක්කොම පැත්තකින් තියමු... ඊටත් වඩා  මට බය වෙන්න හේතුව උනේ එයාගේ මූන දැකපු ගොදුරක් ආයේ කවදාවත් යහතින් ගෙදර යන්නෙ නෑ අඩි හයක් යටට යනවා ඇරෙන්න කියන එක මතක් වෙලා. මාස්ටර් ජේ දෙවෙනි වෙන්නේ මෙහේ එක්කෙනෙකුට විතරයි කියලයි මම අහලා තියෙන්නෙ. එයාට කියන්නෙ Lucifer කියලා. ඒත් තවමත් කවුරුත් දන්නෙ නෑ කවුද ඒ Lucifer කියන්නේ කියලා. කවුරුත් තාම ලුසිෆර්ව දැලකලත් නෑ..  මාස්ටර් ජේ බයමත් ඒ කෙනාට කියලා තමයි කියන්නේ...

************************************

An unknown place 

ටික්..........ටික්.........ටික්.........

ඔරලෝසුවක් ටික් ටික් සද්දයක්....නෑ මෙතන ඔරලෝසුවක් නෑ...එහෙනම් මොකද්ද ඒ සද්දේ...වතුර වැටෙන සද්දයක්...

ලා රතු ආලෝකයෙන් එලිය වුන අඳුරු කාමරය....පසුබිමින් ඇහෙන දිය බින්දු බිමට වැටෙන් ගුප්ත සද්දය...ඉවසන්න බැරි පුස් ගඳක් එක්ක නහය කඩාගෙන යන ලේවල මලකඩ ගඳ හමන...අඩි දහයකට වඩා උස ගල් බිත්ති වලින් වට උන...උඩ බැලුවත් බිම බැලුවත්, හතර වටේ කොහේ බැලුවත් සීතල කලු ගල් බිත්ති වලින් වට වෙච්ච..ඉවසන්න බැරි මහ අමුතු සීතලක් තියෙන මහ මූසල මුස්පේන්තු කාමරයක් මැද ඔහු දණින් වැටී සිටියා...

උඩුකය නිරුවත් ඔහුගේ සවිමත් දෑත් දම්වැල් අතර අතරමං වෙලා තිබුනා...කටු වලිනි සැදි මාංචු කුට්ටමට දෑත් කැපී ගලා යන රුධිරයෙන් ඔහුගේ දෑත් රක්ත වර්ණ වී ඇත.. දෑත් වලින් ගලාගිය දුහිරු බිඳු කෙමෙන් කෙමෙන් අත් දිගේ පල්ලම් බැස ඔහු පා දෙපස ලේ විලක් තනා ඇත්තේ ඔහු විඳි වේදනාවේ තරම කියා පාන්න වැනිය... පැයක් තිස්සේ දැනෙන වේදනාව කටින් කෑගසා හෝ පිට කර ගැනීමට නොහැකිව ඔහු සිටින්නේ ඉතා දුක්ඛිත තත්වයකයි...නමුත් කිසිවෙකුට නොහැකියි ඔහුට පිහිට වීමට... දැන් පැයක් තිස්සේ ඔහු මේ ලෙස මෙතන සිටින්නේ උතුමාණන් සිංහාසනයට සැපත්වනතුරුයි....ඔහුගේ ඉරණම සම්පූර්ණයෙන්ම රැඳී පවතිනුයේ උතුමාණන්ගේ අත් අතරයි...

ක්‍රෑස්....

කාලෙකින් පාවිච්චි නොකරන ලද බවට සාක්ෂි දෙමින් යකඩ ගේට්ටුව විවර උනේ සැමගේ අවධානය ඒ දෙසට යොමු කරවමින්. විවර වූ දොරටුවෙන් මතු වූ කඩවසම් රුව, කාගේ වුවද නෙත් සිත් වසඟ කරන තරම් ආකර්ෂණීයයි...තද කාල වර්ණ හිසකෙස් මදක් ඒ පුලුල් නලල් තලය සිපගෙන තිබුනේ ඔහුගේ සුන්දරත්වය තවත් වැඩි කරමින්...සෘජු නාසය , දිගටි මුහුන, පිරුනු තොල් , ඝන ඇහිබැම ඔහුගේ කඩවසම් බව තවත් වැඩි කලා... නමුත් මේ සුන්දරත්වය මෙලොව දැක ඇත්තෙකුත් නොමැති තරම්...හිසේ සිට පාදාන්තය දක්වා කඩා හැලෙන ඔහුගේ කාල වර්ණ ලෝගුව රත්‍රං නූල් වලින් වැඩ දමා තිබුනි...රිදී මුහුණු ආවරනය නිසා කිසිවෙකුටත් ඔහුව දැකිය නොහැකියි...නමුත් ඒ අතරින් පෙනෙන දීප්තිමත් ඇස් වලට මේ සියලු දෙනාව පාලනය කිරීමේ හැකියාව පවතී..මන්දයත් ඒ බැල්ම ඒ තරමටම තේජාන්විතයි..

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now