Chapter 39✨

421 63 43
                                    

මම පුලුවන් විදියට හොල්මනගෙන් ගැලවෙන්න දඟලද්දි හොල්මන කලේම මාව තව ටිකක් ඒ සීතල අත් වලින් ඒ ඇඟට තද කර ගත්ත එක වෙනකොට මට තුන් මුනින් දාඩිය වැක්කෙරෙන්න අරන් තිබුනා....මාව කෙලින්ම ඇදිලා ගිහින් බිත්තියකට හිර වෙනකොට තාමත් අර සීතල අත් වල ස්පර්ශය මගේ ඉන වටේ දැනෙමින් තිබුනා...මොකක් හරි සීතල තෙත් දෙයක් මගේ බෙල්ල දිගේ ඇදිලා යනකොට මට නිකන් සිහි නැති වෙන්න වගේ ආවා....

************************************

මගේ මූණ බිත්තියට තද වෙලා තියෙද්දි එහා පැත්තෙන් වැටෙන ඉටිපන්දම් එලියෙන් අනිත් පැත්තෙ බිත්තියේ හොල්මනගෙන් ගැලවෙන්න දඟලන මගේ වගේම මාව බිත්තියට තද කරගෙන ඉන්න හොල්මනගේ චායාව ඉටිපන්දම් දැල්ල එහේ මෙහේ වෙද්දි එහාට මෙහාට වෙන්න පටන් ගත්තෙ එලියෙන් ආපු හුළඟකට ඉස්සරහා දොර දඩාස් ගාලා වැහිලා යද්දි...

මගේ බෙල්ලට දැනෙන සීතල පහස මාව මත් කරවනකොට මොකද්දෝ හුරු පුරුදු බවකුත් මට යාන්තමට වගේ තේරුනත් ඕවා විශ්ලේෂණය කර කර ඉන්නතරම් මම මේ වෙලාවේ ඉන්නෙ හොඳ සිහියක නෙවෙයි...ඒ සීත දිව මගේ බෙල්ල හරහා එහේ මෙහේ යද්දි සමහර වෙලාවට මට රිදෙන නොරිදෙන ගානට පොඩි පොඩි සැපුම් පාරවල් තියන්න තරම් මේ හොල්මන නොසණ්ඩාල භූතයෙක් වෙද්දි මම කොහොමහරි හැරිලා භූතයගේ බඩට දණිස්ස නවලා පාරක් දුන්නා භූතයට දවල් තරු පේන්නම...

මම ගහපු පාරට හොල්මන මගෙන් ඈත් වෙලා අහකට විසි වෙලා යද්දි, මමත් බිමට පත බෑවුනේ කකුල් දෙකත් නවාගෙන කොහේහරි අස්සකට බඩගාගන්න හිතාගෙන උනත් මගේ ඉස්සරහේ බිම පෙරලිලා ඉන්න හොල්මනව දැකපු මගේ ඉහ මොල රත් වෙන්න ගත්තා...මූ තාමත් බිම වැටිලා ඉන්නවනේ....දැන් මම මොකද කරන්නේ? බුදු අම්මෝ...ඒ මොකද්ද ඒ සද්දේ...?

ආආආඅ....හ්...ම්ම්ම්ම්...අම්මේ....

ආාආආආආඅහ්හ්...ම්ම්ම්හ්ඌ.....ඌඌහ්

හොල්මන කෑ ගහනවා දෙයියනේ...ඒ කියන්නෙ මම දීපු පාර සිරාවටම වැදිලා...අඩමානෙට ගැහුවත් මොකද මේ යීබෝ කොල්ලගේ ඉලක්ක එහෙම ලේසියෙන් වරදින්නේ නෑ... දැක්කනේ කොල්ලා දක්ෂයා...මම හොල්මනට කලින් තිබුන බය ටිකකට අමතක කරලා පොඩ්ඩකට ළං වෙලා බැලුවේ මූ තාමත් නැගිටලා මට ඇටෑක් කරන්න ඒවිද කියලා...කියන්න බෑනේ ඉතින්...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now