එහෙම්මම මාව ඉනෙන් ඇදලා ගත්ත එයා ආයෙමත් මගේ කම්මුලකට තොල් තද කරලා ඈත් වුනේ මට එක සැරේ වෙච්ච දේ හිතා ගන්න බැරුව අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉද්දි...
එහෙනම් ගුඩ් නයිට් මගේ පපී...
ගුඩ් නයිට්...
අන්තිමට අපි ඇඳ කොන් දෙකට වෙලා නිදා ගත්තෙ මැදින් කොට්ටෙ දෙකක් තියලා...එයා මගේ එහා පැත්තෙ නිදා ගත්තත් මට අද බයක් දැනුනේ නෑ... වෙච්ච කෙරිච්ච දේවල් එක්ක ඇඟේ මහන්සියටම මට ඉක්මනටම නින්ද ගියා....
**************************************
එයත් එක්ක මම මේ ගෙදර සතියක් ජීවත් උනා...හැබැයි නළලට හරි කම්මුලට හරි දෙන හාදුවකට ඇරෙන්න ඊට එහා එයා මගේ ඇඟට අත තියන්න ආවෙ නෑ. සමහර වෙලාවට පොඩ්ඩක් බදා ගත්තත් ඒ නරක විදියට නෙමෙයි . ඉතින් මට තේරුනා මම එයාව තරහා ගස්සන්නෙ නැති තාක් මම මෙහේ ආරක්ෂිතයි කියලා..මේ සතිය ඇතුලත ලොකු වෙනසක් නැතත් මගේ හිතේ එයා ගැන තිබුන අදහස ලොකුවට වෙනස් වුනා..එයා ඇත්තටම මෙහෙම හැසිරෙන්නෙ මට තියෙන ආදරයක් නිසාද කියලා නම් මට හරියට කියන්න තේරෙන්නෙ නෑ..
ඒත් අනිත් කාට නරක කෙනෙක් උනත් එයා මට මේ ටිකේම සලකපු විදියෙන් එයා මට නරකක් කරන එකක් නෑ කියලා මට හිතුනා. ඒත් මම තාමටත් එයාව සීයට සීයක් විශ්වාස කරන්න සූදානම් නෑ. මොකද මිනිස්සු කියන ජාතියට වෙනස් වෙන්න යන්නෙ තත්පරයකටත් වඩා අඩු කාලයක්. ඒ වගේම මිනිස්සු කියන කට්ටිය තමන්ගේ වැඩක් කර ගන්න කන් හොඳට අනුන් ඉස්සරහා රඟන්නත් හරි දක්ෂයි. ඉතින් එහෙම කනෙක්ට නම්, සතියක් කියන්නෙ ගොඩක් පොඩි කාලයක්....
ඒ නිසා සම්පූර්ණ විශ්වාස නැති උනත් මම කලින්ට වඩා එයාට ටිකක් ළං වෙලා බැලුවා. මොකද මිනිහෙක්ව අඳුර ගන්න හොඳම විදියක් තමයි එයාට ළං වෙලා බලන එක. එයාට ළං වෙලා එයාගෙ සිතුම් පැතුම්, අදහස් මොනවද කියලා සූක්ෂමව අධ්‍යනය කරන එක. ඒක කරන්න ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ කෙනා අපි ඉස්සරහා හැසිරෙන්නෙ කොච්චර සැලකිල්ලෙන්ද කියන එක මත අපේ වැඩේ ලේසි අමාරු බව තීරණය වෙනවා...ඒ වගේම අපිට ඒ අයට නොදැනෙන්න එයාලා ගන සියුම් විපරමක යෙදෙන්න වෙනවා..
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanficNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...