විනාඩි දහයක් විතර දඟලපු එකී දිහා සිගරට් එකක් පත්තු කරගෙන බලාගෙන හිටපු මම සිගරට් එක ඒකි දිහාවට විසි කරලා දැම්මේ ඒකිගේ ඇඟට දාපු පෙට්‍රල් වලට ක්ෂණයකින් ගිනි ඇවිලිලා ඒකි පණ පිටින් පිච්චිලා යද්දී...හරියට මුන් මගේ මමාව මැරුවා වගේ...මම ඒකි වත් පණ පිටින් ගිනි තියලා මරලා දැම්මේ මගේ උන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම Yiziගෙන් වගේම මේකට සම්බන්ද හැමෝගෙන්ම පලි අරගෙන...
අද මට නිදහසේ නින්ද යාවි...මම Yizi පණ පිටින් පිචිචෙනවා බල බල හිතුවේ Xuan ඇවිත් මගේ පැත්තකින් හිට ගනිද්දී...
************************************
හෝස් ගාලා මිනිය පිච්චෙද්දි ආයෙමත් සැරයක් basement එක පුරාවටම මිනී පුළුට හමන්න පටන් ගත්තා...Wen Han ගේ බාගෙට කුණු වුණු ඔළුවත් මේකටම දාලා පුච්චලා දැම්මේ මගේ පලිගැනීම අවසාන කරලා...
දැන් ඒ එකෙක්වත් ජීවතුන් අතර නෑ...මේ වෙනකොටත් Yizi අතුරුදහන් වීම සම්බන්ධව සම්පූර්ණ වැරැද්ද වැටිලා තියෙන්නේ Wen Han ගේ නමට...මොකද Yizi ගේ phone එකේ අවසාන message එක පවා තියෙන්නේ Wen hanගේ නමින්...ඌ කාලයක් ඒකි එක්ක ජවුසන් නටලා තිබුණු නිසා වැරැද්ද ඌ පිට පැටවෙන විදියට වැඩ කරන එක බොහොම ලේසි වුනා... ඒත් Yizi අතුරුදහන් වුන සැනින් මට එලියට එන්න බැරි නිසා තව ටික කාලයක් මම පුරුදු විදියටම රහසිගත ජීවිතයක් ගෙවන්න හිතුවත් පස්සේ මම මගේ තීරණේ වෙනස් කලා....
Yizi හොයා ගන්න නෑ කියලා දැන ගත්ත ගමන් ඒකි හිටපු ගෙදර ඉඳලම ෆුල් search එක්ක දෙනවා...ඉතින් මම ඒ අවස්ථාවෙනුත් ප්‍රයෝජනයක් ගන්න හිතුවා...
මේ වෙනකොට ලෝකෙට මැරුණ එකෙක් වුන Xiao Zhan ආයෙමත් Yizi ගේ මරණෙන් පස්සේ එකපාරටම එලියට ආවොත් ඔය කේස් එකේ ලොකු සැකකාරයෙක් බවට අනිවාර්යයෙන්ම මාවත් පත් වෙනවා...ඒ නිසා මම Yiziව kidnap කරන්න කලින් මගේ ඊළඟ ප්ලෑන් එකත් decide කරලා තිබ්බා...
පහුවෙනිදා පත්තරේ ලොකු අකුරින් මේ වගේ ලිපියක් පල වුනා..
සැමියාට පිටුපෑ කෝටිපති බිරිඳ අනියම් පෙම්වතා සමඟින් අතුරුදන්....
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...