එකසැරේටම අමුතු සද්දයක් ඇහෙද්දි මම ඉකමනටම එයා ගාවට තවත් ළං වුනේ ඒ අත තදින් මගේ අත්වලින් අල්ල ගැනෙද්දි..මට දැන් නම් ටික ටික බය හිතෙන්න පටන් අරන් තියෙන්නෙ අයියෝ..මේ මිනිහා හොල්මන් කතා කියලා මේ දරුවගේ හිත ගැස්සුවනේ...දැන් ඉතින් ගහක් හෙලවුනත් ඇති හිත ගැස්සෙන්න...හුම්...
පපී බය වෙන්න එපා...මම ඉන්නවනේ ම්ම්ම්...
හ්ම්...
කතා කියන්න අරන් නොදැනිම අපි මේ පාලු වත්තෙ ලොකු කාලයක් ගත් කරලා තියෙද්දි, එන්න එන්නම පරිසරය අඳුර විසින් ගිල ගනිමින් තිබුණා...අපි ආපහු මාලිගාවට එන්න හැරුනත් අපිට අඩි දෙකක් ඉස්සරට යන්න උනේ නෑ....
*******************************
කන ළඟින් ගිය වෙඩි උණ්ඩේ රස්නේ මට දැනෙද්දි, නොදැනිම මට කෑ ගස්සුනා...වෙඩි උණ්ඩේ ආවේ මොන පැත්තෙන්ද කියලා තේරුමක් නැති උනත් එයා මාවත් අදගෙන ඉකමනට අර හොල්මන් ලතා මණ්ඩපේ පැත්තට දුවගෙන ගියා...මම හිතන්නෙ අර ආර්‍යාව මලාට පස්සෙ මේකට මොකෙක්වත් පය තියලා නැති හැඩයි...අවුරුදු බර ගානක් පරණ එදා ආර්‍යාව බැඳලා දාපු දම්වැල් කෑලි තාමත් එතන ඉතුරු වෙලා තියෙද්දි ඓ එතන තිබුණ පොඩි ගැට්ටක් අස්සෙන් හැංගිලා එලිය දිහා එබිලා බැලුවේ අපිට වෙඩි තිව්ව එකා කොහේ හරි ඉන්නවද කියලා බලන්න...
එයත් මම නොදන්නවා උනාට මෙතනට ඇවිත් තියෙන්නෙ සූදානමින් වෙනකොට gun එක රෙඩි කරගෙන හිටියා..මේ දැන් ඉන්නෙ මම දන්න මගේ Zhan ge නෙවෙයි ලුසිෆර් කියන එක මට එයාගේ මූන බැලුවහම හොඳටම තේරෙද්දි එයා කැලේ දිහා බලාගෙන හිටියේ හොඳ අවදානෙකින්...
ලතා මණ්ඩපේ ඇතුලේ අපි ඉන්නවා කියලා කාටවත් නොපෙනුනාට අපිට නම් ඒක සමහර පලුදු වුන තැන් වලින් හොඳට එලිය බලන්න පුලුවන් උනා...
ටික වෙලාවකින් කැලේ ඇතුලෙන් මූණු වහපු කලු ඇඳ ගත්ත කීප දෙනෙක් තුවක්කු මානගෙන ඉස්සරහට එද්දි, එයා එක අතකින් gun එක තද කරලා අල්ලගන්න ගමන් මාව එයාගෙ ළඟට තවත් ළං කරගෙන එයාගේ අනිත් අතින් මගේ කට තද කරලා වැහුවා...මමත් මුකුත් නොකියා බලාගෙන් අ හිටියේ මම මීට කලින් මේ වගේ දේවල් එක්ක හරියට ඔට්ටු වෙලා නැති නිසා...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...