Chapter 22✨

544 90 36
                                    

ඒත් රත්තරං මට සමාවෙයන්, මම දන්නවා ඔය හිතත් මට කැමති බව. ඒත් උඹට බලාපොරොත්තු දීලා උඹව මගේ කර ගත්තත් උඹට ලස්සන ජීවිතයක් දෙන්න මට බැරි වෙයි මැණික. මොකද උඹ දකින උඹේ මේ බොස් ඇතුලේ ඉන්න ඇත්ත මනුස්සයා කවුද කියලා උඹ තාම දන්නේ නෑ.

තාමත් නවත්තන්නේ නැතුවම මගේ ඔළුව අතගාන එයා දිහා බලලා මම හිතින් මාත් එක්කම කතා කලේ එයාගෙන් වෙන්වෙලා ජීවිතයක් ගැන හිතන එකත් මගේ හදවතට මහ බරක් එකතු කරද්දී...

************************************

යීබෝ...

ම්ම්ම්...

දැන් ඇති..ඔයාගේ අත රිදෙනවා ඇතිනේ.. මම නැගිටින්නම්..

නෑ එහෙම නෑ...

කමක් නෑ...දැන් ඇති..

දැන් කොහොමද?

ගොඩක් හොඳයි...

හ්ම්...

Thank you...

මොකටද?

හැම දේකටම....

ඒ කිව්වේ?

Everything means everything....

මට තේරෙන්නේ නෑ... මොකක් ගැනද කියන්නේ?

ඒක ඕන නෑ..මේ බලන්න...

නොනවත්වාම ඒ ඇඟිලි මගේ කෙස් අතර රටා මවද්දි ඇත්තටම මට හිතුනා සදහටම ඒ විදිහට ඉන්න තිබුණා නම් කියලා.. එයාගේ උණුසුමේ ඒ පහස හරිම සැපදායකයි...එයා අද ඇඳගෙන ඉන්නේ මගේ ඇඳුම් වෙනකොට අද එයා ගාවිනුත් ආවේ මගේ සුවඳ වෙනකොට ඒ දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න බැරි තරම් මහ පුදුමාකාර හැඟීමක්...

දැන් පැයක විතර ඉඳලා කොල්ලා මගේ ඔළුව අතගානවා. එක විනාඩියක් වත් නතර නොවුන ඒ ඇඟිලි දැන් රිදෙනවත් ඇති. මගේ සතුට වෙනුවෙන් එයාට කරදරයක් වෙන්න මම කැමති නැති නිසා අකමැත්තෙන් උනත් මම ඒ ඔඩොක්කුවෙන් ඔළුව උස්සලා ආයෙත් එයා ළඟින්ම වැල්ලේ වාඩි වුණා...

ඊළඟට මම මගේ සාක්කුවෙන් අරගෙන පෙන්නපු දේ දැකලා එයා ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලලා ආයෙත් මගේ අතේ තිබුණු දේ දිහා බැලුවා...

මේ මොකද්ද?

ම්... Dragon and Phoenix couple jade necklaces...

 Dragon and Phoenix couple jade necklaces

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now