රණ්ඩුව තවත් දුර දිග යන්න කලින් මම මැද්දට පැන්නා.. මම කොහොම හරි මගේ බොසාව ෂේප් කර ගත්තා. මේ ගානෙන් හරි කන්ට්‍රෝල් වෙලා ඉන්න එක ලොකු දෙයක් , නැත් නම් ඉතින් මෙතන රියල්ම යුද පිටියක් වෙලා තමයි නවතින්නෙ.
Wenhan, Thanks for helping me that time. I will never forget your great help. Now we have to go. Bye.
Ok, bye.
.
.
.
Yibo wait....
මොන මගුකලක්ද අයිසේ, යන්න ගියාට පස්සෙත් ආයෙ කතා කරන්නෙ?
සර්..පොඩ්ඩක් ඉන්නකෝ තරහා නොගෙන. මම කතා කරලා එන්නම්.
නෑ නෑ ඔහොම ඉන්නවා...මමත් එනවා..
මේ දෙන්නා මරා ගන්න කලින් මම යන්තම් සර්වත් අරගෙන එතනින් එන්න ආවත් Wenhan මට ආයෙත් කතා කලා. මේකට සර්ට නම් හොඳටම මල පැන්නා. පේන විදියට එයාට Wenhanව වැඩිය අල්ලන්නෙ නෑ වගේ. ඒත් එයාට එහෙමයි කියලා මම මොනවා කරන්නද? මට උදවු කරපු මනුස්සයා කතා කලාම ඒ මොකද කියලා මම බලන්න එපැයි. මම ඉක්මනට ගිහින් එන්නම් කිව්වත් සර්ටත් මාත් එක්කම ඇවිත් Wenhan මට කියන්න යන්නෙ මොකද්ද කියලා දැනගන්න ඕන වුනා. ඉතින් තරහා ගිහින් හිටපු මනුස්සයා ආයෙත් තරහා ගස්සන්නත් බෑනේ. ඔන්න ඔහේ මම එයාට මාත් එක්ක එන්න ඉඩ දුන්නා. මං දන්නවා ඉතින් මං එන්න එපා කිව්වත් එයාට ඕන නම් එයා අනිවාර්‍යෙන්ම එනවා කියලා. ඉතින් අපි දෙන්නත් එක්කම ගියා Wenhan ළඟට. ආයෙත් දෙන්නට දෙන්න දිහා බලාගෙන රවන්න පටන් ගත්තා. මේවා බලන් ඉන්න මට තව ටිකකින් පිස්සු හැදෙනවා. ඇයි යකෝ මොන මගුලකටද මේ දෙන්නා මෙච්චර මල පන්න ගන්නෙ? ආයෙ ඇවිලෙන්න කලින් මම වැඩේට එන්ටර් උනා...
Wenhan, ඇයි කතා කලේ?
ම්ම්ම්...ආ....මම මේ...මේ...
මේ තමුසේ ඇයි කියනවා කතා කලේ? අපිට පරක්කු වෙනවා...
මම තමුසෙට නෙවෙයි කතා කලේ, මම කතා කලේ යීබෝට.
ඇත්තද, තමුසෙට මොනවද යීබෝට කියන්න තියෙන්නෙ ආ..?
ඒක මම එයාට කියා ගන්නම්. තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා...
මම පැත්තකට වෙන්න. තමුසෙ මම කවුරු කියලා හිතාගෙනද කතා කරන්නෙ?
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...