Chapter 54✨

402 57 28
                                    

මම යන්නම් gege....

Yibo....ඇයි දැන්ම...තව ටිකක් ඉඳලා යන්න...මට පාළුයි....

මටත්.... ඒත් මම දැන් යන්න ඕන gege..හවසට හම්බ වෙමු...

ම්ම්ම්..... පරිස්සමින්...මම ඔයාව drop කරන්න ද...?

කරදර වෙන්න එපා gege, මම හොඳින්. මට යන්න පුළුවන්...

හ්ම්... එහෙනම් පරිස්සමින් පපී....මම බලන් ඉන්නවා...

හ්ම්...

අන්තිමට මම ඒ කාමරෙන් එලියට ආවේ ඒක ඇතුලට ගියපු මනුස්සයා විදියට නෙවෙයි... මගේ මැරුණා කියලා හිතපු ආදරේ ආයෙමත් මට ලැබුණා... ඒත් මට ඒ ආදරේ සම්පූර්ණයෙන්ම බාර ගන්න නම් මට හැම දේම හරියට දැන් ගන්න ඕන... ඉතින් මම අද හවස වෙනකන් බලන් ඉන්නවා ඒ හැම දේම දැන ගන්න වගේම එක තීරණයක් ගන්න......

****************************************

මම කෙලින්ම ගියේ මැනේජර්ව හම්බ වෙන්න...එයාගෙන් මගේ ගාන ඉල්ල ගත්ත මම යන්න හැරෙනකොටම එයා මට ආයෙමත් කතා කලා...

යීබෝ...

ඇයි?

ම්ම්ම්...මේකයි...

එයා කියන්න ගියපු දේ මග නවත්තගෙන මගේ දිහා බලලා බිම බලා ගත්තා. මොකක් හරි අමුත්තක් තියන නිසා මම ආයෙමත් ටිකක් මැනේජර් ළඟට ලං වෙලා ඇහුවේ එයා මගෙන් මොනවද හංගනවා කියලා මට දැනුන නිසා...

මොනවද මගෙන් හංගන්නේ ? මට කියන්න...

ම්ම්ම්...මේක අහලා කලබල වෙන්න එපා යීබෝ...මම දැන් ඔයාට ඔය දුන්නේ ඊයේ අපේ වෙන්දේසියේ deal එකට අදාල් සල්ලි ටික...ඒ වගේම මේක ඔයාට දෙන්න කියලා මට ඒ මහත්තයා කිව්වා....

මොකද්ද මේ...?

බලන්න....

එහෙම කියපු මැනේජරයා මගේ අතට ලියුම් කවරයක් දුන්නා...ඒකේ මොනවද තියෙන්නෙ ඇහුවහම එයා කිව්වේ බලන්න කියලා...මට නිකන් මඥ්ඥං වගේ...මේ මොකද්ද මේ වෙන්නේ? කවුද එතකොට මේ මහත්තයා? Zhan ge ගැනද මේ කියන්නේ? බලමු මොකද්ද තියෙන්නෙ කියලා...

මම ටිකක් එහාට ගිහින් ලියුම් කවරේ කඩලා බැලුවේ ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා...ඒක ඇතුලෙ තිබුණ දේ මාව පුදුම කලා...ඒකේ තිබුණේ චෙක් එකක්...GBP 100, 000 ක චෙක් එකක්...එහෙම දෙයක් වෙන්නෙ කොහොමද? ඇරත් මෙච්චර ලොකු ගානක්...මට නම් හිතා ගන්නත් බෑ වගේ....එක රෑකට මෙහෙම ගානක් දෙන්න මොකාට උනත් පිස්සු තදවෙලා වෙන්න ඕන...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now