කෝකටත් හොඳ එකා වගේ ගිහින් රඟපාන්න ඕන. කොහොමත් ඔය නැන්දම්මලා කැමති විනීත සුවිනීත එකෙක්ව තමන්ගෙ පුතාට බන්දලා දෙන්නනේ. ඕයෙස් නැන්දම්මා මේ යීබෝ කොල්ල මෙහෙම හිටියට හොඳ නලුවෙක් හරිද. පොඩි කාලෙ ඉස්කෝලෙදිත් නාට්‍ය හා රංග කලාව හදාරපු අග්‍රගන්‍ය ශිෂ්‍ය රත්නයක් මේ ඉන්නෙ.
පීප්...පීප්...පීප්...පීප්...
කවුද යකෝ හෝන් එක උඩ නැගලා ඉන්න හාල්පාරුවා. මගේ කනත් ඉවරයි අප්පා.
************************************
මං බැන බැනම එලියට ගිහින් බැලුවේ මොකාටද මගේ ගේ ඉස්සරහට ඇවිත් මෙච්චර හයියෙන් හෝන් එක ගහන්න තරම් උණක් තියෙන්නෙ කියලා.
හම්මට, රතුපාට කාර් එකක් මගේ ගේ ඉස්සරහ නවත්තලා තියෙන්වා. දැන්නෙ මතක් උනේ, මම කෙලින්ම බැලුවේ අතේ බැඳලා තිබුන ඔරලෝසුව දිහා. හරියටම වෙලාව 7යි. හරිනේ ඉතින් මාව ගන්න අද මගේ Fake Boyfriend එනවා කිව්වනේ. වාහ්, පොර එහෙනම් වෙලාවටම වැඩ වගේ. මම ගේට්ටුව අරගෙන ගිහින් කාර් එකේ ෂටර් එකෙන් පොඩ්ඩක් එබිලා බැලුවේ එනවා කියපු එක්කෙනාමද ඇවිත් ඉන්නෙ කියලා. මම පොඩ්ඩක් පහත් වෙනකොටම මගේ පැත්තෙ ෂටර් එක හෙමිහිට පහත් උනා.
ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවෙලා ඉන්න එයා අද ඇඳලා හිටියේ වෙනදා අඳිනවා වගේ ෆුල් කිට් එක වෙනුවට සමාන්‍ය ෂර්ට් එකකට ටීෂර්ට් එකක්. ඒ විදියටත් එයා look handsome. වැඩේ කියන්නෙ එයත් ඇඳලා හිටියේ මම වගේම කලු ඇඳුමක්. දැන් නම් ඉතින් අපි දෙන්න සිරාවටම ගැලපෙන කපල් එකක් වගේ තමයි. මම ඇරුන ෂටර් එකෙන් එයා දිහා බලාගෙන ඉද්දි මම කතා කරන්නෙ නැති නිසාද කොහෙද එයා කතා කරන්න ගත්තා.
හැඩ බලල ඉවර නම් යමු නේද?
ආහ්, මොකද්ද කිව්වෙ?
මගේ හැඩ බලලා ඉවර නම් යමු නේද කියලා ඇහුවේ. මන් දන්නව මම කොහොමත් හැන්ඩ්සම් කියලා. ඒ උනාට ඉතින් ඔහොම බලන්න ඕනෙ නෑනේ නේද?
හහ්, මට වෙන වැඩ නෑනේ බල බල ඉන්න. මම මේ බැලුවේ කාර් එක දිහා. ඔයා දිහා නෙමෙයි සර්. වරදවා වටහා ගන්න එපා ඉතින්.
ම්ම්ම්.. ඒකත් එහෙමද? හරි හරි කියව කියව ඉන්නෙ නතුව දැන් ලෑස්තිද යන්න?
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...