Chapter 45✨

369 57 26
                                    

මට උණලු...ඇඳට දැනෙන සීතල ගතිය එන්න එන්නම වැඩි වෙද්දි රෙද්දක්වත් පොරව ගන්න බැරුව මම උණ විකාරෙන් කියවන්න ගත්තෙ මගේ අම්මගේ කඳුලු ආයෙමත් අලුත් කරවලා...විනාඩි පහෙන් පහට ඇවිත් මගේ උණ බලන්න නලලට අත තියලා යන එයා, පස්සෙ කොහෙන්දෝ උස්සන් ආපු බත් එකක් මට කවන්න හැදුවත් එයාගෙ කරදරේට කටක් දෙකක් කන්න ගියත් මට ආයෙත් කාපු ඒ බත් දෙකටත් ආපිට වමනේ ගියේ මාව සම්පූර්ණයෙන්ම අඩපණ කරලා...

************************************
වමනේ ගියාට පස්සේ ඇඟට ටිකක් හොඳ උනත් තාමත් මට ඇඟට පණ මදි....

මම වමනේ දාපුවා අස් කරපු අම්මා ඇවිත් මගේ ළඟින් වාඩි වුනා...මට අම්මගෙන් අහන්න ගොඩක් දේවල් හිතේ තිබුණා වුනත් ඒ එකක්වත් අහ ගන්න මට හරි පණ කඳක් නෑ...බොහොම අමාරුවෙන් වචනයක් දෙකක් ගැට ගහගෙනන හරි අම්මත් එක්ක මම කතා කරන්න පටන් ගත්තා...

අම්මේ...අපි කොහොමද මෙතනට ආවේ?

උන් අපිව මෙතනට ගෙනත් දැම්මා පුතේ...

ඒ කියන්නේ අපි තාමත් ඉන්නෙ උන්ගේ යටතේ වෙනකොට උන් අපිට කලින් අරහෙම සලකලා දැන් මෙහෙම සලකන එක ගැන මට පුදුම හිතුනා..මොකද මෙහෙම කාමරේක දාලා තියන්න පුලුවන් තරමට අපිට සලකන පාටක් නම් කලින් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් උනේ නෑ...ඒ තරම් දරුණු විදියට උන් අපිට සැලකුවේ...එක සැරේටම නංගිව මතක් උන මට ආයෙත් පපුවේ ගිනි ඇවිලුනේ අන්තිමට ඒ කෙල්ල විඳපු දුක මතක් වෙලා...එසේ මෙසේ දුකක් නෙවෙයි උන් අපිට දුන්නේ...

අම්මේ...නංගි කෝ? එයාට මොකද උනේ?

ඔය ඉන්නේ අර බලාගත්ත අත බලාගෙන...කෙල්ල කතා කරන්නෙ නෑ පුතේ මා එක්කවත්....අත පය පිච්චිලා ගිහින් චූටි එකී බය වෙලාද කොහෙද  මයේ පුතේ....

මොකක්? කෙල්ල කතා කරන්නෙ නෑ....

මම ඉද්ද ගැහුවා වගේ ඇඳෙන නැගිට ගත්තෙ මගේ තුවාල වල වේදනාව බොහොම අමාරුවෙන් දරාගෙන...මගේ මොන වේදනාවටත් වඩා මට මගේ අම්මයි, නංගියි දුක් විඳිනවා බලන වේදනාව වැඩි වෙනකොට මොහොතකට මම මගේ වේදනාව අමතක කරලා දැම්මා....

කාමරේ අයිනකට වෙන්න ජනේලයක් ගාවට වෙන්න තිබුණ පුටුවකට වෙල්ලා ඔහේ එලිය බලාගෙන ඉන්න නංගි ගාවට මම අමාරුවෙන් ඇවිදගෙන ගියේ අම්මත් මාව අල්ල ගන්න වගේ මගේ පස්සෙන් ඇවිදගෙන එද්දි....මම ළඟට ගියත් කෙල්ල මගේ දිහාවත් හැරිලා බැලුවේනෑ... වෙනදා මං එනවාැක්කත් ඇති ඇස් දෙක ලොකු කරන් මං එන දිහාවට දුවගෙන එන කෙල්ල අද මගේ දිහා හැරිලවත් නොබලද්දි අයියා කෙනෙක් විදියට ඒක මට මහා වේදනාවක් උනා...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now