Chapter 8✨

781 121 12
                                    


අන්තිමට මම ගැරේජ් එකට කතා කරලා විනාඩි පහළවකින් විතර ඒ අය ඇවිත් වාහනේ අරගෙන ගියා. හෙට ඇවිත් වාහනේ බලන්න කියලා ගියේ.

දැන් වැඩේ හරිනේ සර්?

ඒකනම් හරි, දන් ඉතින් මට යන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා. මේ පාරෙ ටැක්සි එහෙම යනවද යීබෝ?

ටැක්සි නම් මේ පාරෙ වැඩිය යන්නෙ නෑ සර්. මොකද මේක ප්‍රදාන පාරක් නෙමෙයිනේ.

ඔහ් ෂිට්. දැන් මොකද කරන්නෙ?

************************************එයා ඔලුවෙ අත ගහගෙන කල්පනා කරද්දි මගේ ඔලුවට නම් අදහසක් ආවා. මට පුලුවන් ඉතින් එයාව ගෙදරට ගිහිල්ලා දාන්න. ඒත් ඉතින් අහන්නත් මොකද්ද වගේ. ඔය අලි ඔලුවා මාත් එක්ක එක බයික් එකේ යන්න කැමති වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ. ඒත් ඉතින් මෙතන දාලා යන්නත් බෑ නේ. තව මෙතන ඉඳියා කියලා ඇති පලේකුත් නෑ.

සර් මාත් එක්ක එනවා නම් මං සර්ව ගිහින් ඇරලවන්නම්.

මොකක්, තමුසෙත් එක්ක මම යන්න. ඇරත් කොහොමද?

කොහොමද කියලා අහන්නෙ, බයික් එකේ තමයි. වෙන කොහොමද ඉතින්?

තමුසේ එක්ක එක බයික් එකේ යන්න කියලද මට කියන්නෙ?  No way. Never.

ඇයි බැරි සර්? සර්ව එක්කන් යන්න වෙන විදියක් නම් මට නෑ. ආවොත් එක්කන් යන්නම්. නැත්තම් මම යනවා. සර් කැමති විදියකට ගෙදර යන්න.

එහෙම කියලා මම බයික් එකට නැග්ගම එයාට කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙනවා මම දැක්කා. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. මට පුලුවන් විදියට එක්කන් යන්න ඇහුවම ලොකුකමට එන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ. මට ඔය ලොකු කම් බල බල ඉන්න වෙලාවක් කොහෙත්ම නෑ. මෙච්චර අසරණ වෙලා ඉද්දිත් මුන්ගෙ ලොකු කම නම් දශමෙකින් අඩු වෙන්නෙ නැති හැටි. එහෙනම් ඉතින් ලොකු කම තියාගෙන ඔතන හොල්මන් බල බල ඉන්නවා. මටත් කේන්තියි ඉතින්. මුගේ පුස් පාට්. බයික් එකේ යන්න බෑ.. මල විකාර...

සර්, අන්තිම වතාවට අහන්නෙ, මොකෝ කියන්නෙ? එනවද නැද්ද?

..................

සර් එන්නෑනේ? එහෙනම් මන් ගියා...

මම යන්න බයික් එක ස්ටාට් කරලා පොඩි රේස් පාරකුත් දැම්මා. එතකොට නම් සර්කාරයා සිරාවටම බය වෙලා ඇස් දෙකත් ලොකු කර ගත්තා. මමත් ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙනම එයා දිහා බලලා ඇහැකුත් ගහලා බයික් එක ඇද්දුවා විතරයි මම බලාපොරොත්තු උන කටහඬ ඇහුනා.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now