Chapter 43✨

346 52 21
                                    

Yizi මගේ ලඟට ඇවිත් මගේ කොණ්ඩෙන් අල්ලගෙන මගේ මූණට එබිලා කෑගහද්දි, මට ඒකිව මෙතන මරාගෙන මැරෙන්න හිතුනා...මේ මම හීනෙකින් වත් දකින්න හිතපු දෙයක් දෙයියනේ...

බලපන්, හොඳට බලපන්...දැන් මොකද තෝ කියන්නේ?

Yizi ආපහු මගේ ඉස්සරහට ඇවිත් අත්පුඩි ගගහා, කියද්දි මම මාව ගැට ගහපු දම්වැල් කඩාගන්න ඳඟල ඳඟල කෑ ගැහුවා....

Yizi....මම ...මම තමුසෙව මරණවා යකෝ...එයාට යන්න දීපන්...එයාට යන්න දීපන්....ආආආආර්හ්...

********************************

මගේ ඉස්සරහා අත පය හතර ගැට ගහලා උඩු බැලි අතට හාන්සි කරවලා හිටියේ මගේ නංගි වෙනකොට මට ඒක දරා ගන්න බැරි උනා...දෙයියනේ, මලක් වගේ හදපු කෙල්ල...වෙන එකෙක්ට අත තියන්න තියා කෙලින් ඇහැක් ඇරලා බලන්න බැරි වෙන විදියට මම ඒකිව මං ගාව ඉන්න ටිකේ රැක්කේ... ඒත්, අද මගේ ඉස්සරහම මගේ එක කුස උපන්න සහෝදරී මෙහෙම අසරණ වෙලා ඉද්දී මගේ ඇඟේ ලේ උණු වෙන්න පටන් ගත්තා...

මොන අයියටද බලන් ඉන්න පුළුවන් තමන් ඉස්සරහම තමන්ගේ නංගිව මෙහෙම අත පය හතර ගැට ගහලා බැඳලා දාලා තියෙද්දී... ඊටත් වඩා එයාව බේර ගන්න කිසිම දෙයක් කර ගන්න බැරි වුණාම දැනෙන අසරණ කම වචනෙන් විස්තර කරන්න බැරි දුකක්... මගේ ඇස් ඉස්සරහම මුන් මගේ නංගිට මොනවා හරි කලොත් මම කොහොමද මගේ අම්මාගේ මූණ බලන්නේ? මම කොහොමද ලෝකෙට මූණ දෙන්නේ?
නංගිවත් රැක ගන්න බැරි වුණ දූර්වලයෙක් විදියට මම කොහොමද ජීවිත කාලෙම විඳවන්නේ....

අනේ මගේ අසරණී...අත පය ගැට ගහලා, ඔහේ ඉන්නවා...පේන විදිහට තාම එයාට සිහිය නැති පාටයි....

මොකද දැන් මහලොකු අයියා කියන්නේ? දැක්කනේ කවුද අතන ඉන්නෙ කියලා...ම්ම්ම්....කො දැන් අර කියවිල්ල? කතා කරපන්....

Yizi ඇවිත් මගේ කම්මුල් තද කරලා අල්ලගෙන ඒ දිග නියපොතු වලින් හූරලා දාන ගමන් මගේ මූන නංගි ගැට ගහලා දාලා තියන පැත්ත හරවලා හිනා වෙන්න ගත්තේ, මට ඒකි ගැන ගෑනියෙක් කියලා පොඩි හරි අනුකම්පාවක් හිතේ තිබූණා නම් ඒකත් නැත්තටම නැති කරලා....

ඇතෑරපන් මගේ නංගිව....එයා මේවට අදාලම නෑ....අතෑරපන් යකෝ එයාව...මගේ නංගි තමුසෙට කිසි වැරැද්දක් කරලා නෑනේ? කිව්වම අහලා අතෑරපන් දෙයියනේ.....

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now