Chapter 21✨

636 96 37
                                    

කකුල් දෙකට වැඳලා මම පුටුවෙන් නැගිටලා වෙරළ දිගේ දුවන්න ගත්තේ එයත් මගේ පස්සෙන්ම අර මල් පෝච්ච්යත් උස්සගෙන පස්සෙන් එලවන් එද්දි...

************************************

වෙලාවට මම අද රෑට..අපි වෙනුවෙන්ම මේ area එක book කරලා තියා ගත්තේ. නැත්නම් දෙයියනේ මිනිස්සු ඉස්සරහදි famous Xiao Group එකේ heir  තව කොල්ලෙක් එලවන් එද්දි පණ එපා කියලා දුවනවා දැක්කොත් ඒක මගේ පපාටත් එක්ක වස නෝන්ඩියක්.

ඒක තමයි කොල්ලෝ කියන්නේ ආදරේ ඉස්සරහදි ඕන රජෙක් බලු වෙනවා කියලා...මතක තියා ගනිල්ලා.. කොහොම හිටපු කොල්ලෙක්ටද දැන් මේ පණ බේර ගන්න දුවන්න වෙලා තියෙන්නේ කියලා. ඒකත් වෙනදට ලැට් එකට ගියත් දොර ලඟ බොඩි ගාඩ් කෙනෙක් ඉන්න කොල්ලෙක් වුනාම, තව මොන කතාද සහෝ. මං දන්නවා මම කිව්වේ නැතත් මං වටේට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒත් ඒ හැම දේකටම වඩා මම එයා ගාවදී දැනෙන ඒ හැඟීමට හරි ලෝබ වුනා...

සර්...

Zhan ge... දුවන්න එපා... ඔහොම ඉන්නවා...

හූ... අල්ලයි මගේ නැට්ට...

Zhange..

මම දුවන ගමන්ම පස්ස හැරි හැරි බල බල එයා ඇද කරන ගමන් හූ කිව්වා..
කොල්ලා ඒකට තවත් ෆෝම් වෙලා මට මල් නැති පෝච්චියෙන් දමලා ගැහුවා. යන්තම් ඒක මගේ කන ලඟින් ගිහින් මගේ පැත්තකින් වැල්ල උඩට පත බෑවුනා... වෙලාවට පෝච්චිය ප්ලාස්ටික් ද කොහෙද නැත්නම් ඕක බිඳුනා නම් මං ඒකටත් ගෙවහන්කෝ ඉතින්...

Zhan ge, ඔහොම ඉන්නවා...

බ්ලෑ..ඈහ්...

මං ආයෙත් අනිත් පැත්ත හැරිලා එයාට දිව ඇදලා ඇද කරපු පාර මේ පාර නම් අර වාස් එකේ තිබුණු රෝස මල් නටු එක්ක කටු පිටින්ම මගේ මූනේ ඇවිත් වැදුනා...

තව අඩි කීපයයි මට දුවන්න වුනේ එකපාරටම පිටිපස්සෙන් ඇවිත් මාව අල්ලගත්ත එයා මං වටේ අත් දෙකම දාලා මට යන්න බැරි වෙන්න එයාගේ ඇඟට කරලා හිර කර ගත්තා...

යීබෝ...යන්න දෙනවකෝ...

බෑ...

මොකද්ද බං..

මං යන්න දඟලද්දි අපි දෙන්නටම සපත්තු වැල්ලේ එරිලා බැලන්ස් නැති වෙලා දෙන්නම එකපිට ඇදගෙන වැටුණා වැල්ල උඩ...
මං මූන යටට එන්න වැටුන පාර වැලි එකයි කටේ...යීබෝ මගේ ඇඟ උඩ...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now