Wo ai ni gege...I love you...
Oh...I love you too Yibo... Thank you...Thank you darling for loving this sinner...I love you so much....
එහෙම කියපු එයා මගේ මුළු මූනම ඉඹගෙන ඉඹගෙන ගිහින් අන්තිමට මගේ නලල සිප ගත්තේ මම ඇස් පියාගෙන කාලෙකට පස්සෙ ලැබුණ, ආදරණීය සහ ආරක්ෂිත් හාදුව හිත පුරා විඳ ගනිද්දි...
හාදුව ඉවර කරපු එයා එක පාරක් මගේ මූණ බලලා හිනා වෙලා මාව තදින් වැළඳ ගත්තේ මාත් එයාව තදින් මගේ අත් වලට හිර කරනිද්දි....
************************************
මම දැක්කා ඒ ඇස් දිලිසෙනවා... මගේ වචන දෙක තුනකට ඒ මූණ සතුටින් පුරවන්න පුළුවන් කියලා මම කලින් දැනගෙන ඉඳීයේ නෑ...එයා අඬනවද? මගේ උරහිස තෙත් වෙන්න පටන් ගත්ත නිසා මම එයාව පොඩ්ඩක් ඈත් කරලා කතා කරන්න හැදුවත් එයා කලේ මගෙන් මූණ හංගගෙන මගේ අස්සට තවත් ගුලි වුන එක. එයා මේ වෙලාවේ ගොඩක් සංවේදී කියලා මම තේරුම් ගත්තා... ඒ නිසා එයාට ඇති වෙනකනන් එහෙම ඉන්න දීලා මම එයාගේ පිට අතගාන්න පටන් ගත්තේ එයාව සනසන්න ඕන නිසා....
විනාඩි කීයක් අපි එහෙම හිටියද මම දන්නෙ නෑ...ඒත් මට එයාව ඈත් කරන්නවත් එයාට මගෙන් ඈත් වෙන්නවත් උවමනාවක් තිබුනේ නෑ...මොකද දැන් අපි වෙන් වෙලා හිටපු කාලේ හොඳටම ඇති...මට තවත් එයාගෙන් ඈත් වෙලා ඉන්න උවමනා නෑ...ඒත් මට එයාගේ මූන බලන්න ඕන උනා...මේ හැම දේකටම හේතු න ගන්න ඕන උනා...මගේ උත්තර නැති ප්‍රශ්න පත්තරේට උත්තර තියෙන්නෙ එයා ළඟ විතරයි...ඉතින් අවුරුද්දක් පුරා දේවල් මට එයා එක්ක බෙදා ගන්න ඕන...මට එයා එක්ක කතා කරන්න ඕන...ඒත් එයා මගේ දිහා බලන්නෙ නෑ...මගේ අස්සට වෙලා ඉන්නවා මිසක් එයා ඔලුව උස්සලා ම්ගේ එක්ක කතා කරන්නෙ නෑ...ඒ නිසා බලෙන්ම වගේ මම එයාව මගෙන් ටිකක් ඈත් කරලා එයාගේ මූන මට පේන විදියට එයාව මගේ ඉස්සරහා කෙලින් කරලා ඒ උරහිස් වලින් අල්ලලා ඒ මූන දිහා බැලුවා....
ඒ ඇස් වෙනදා වගේ ආඩම්බරෙන් දිලිසුනේ නෑ...හොරාට ඇඬුවා උනත් ඒ ඇස් රතු වෙලා...බොරුවට මට හංගන්න ගියාට ඒ කම්මුල් දිගේ ඇඋන කඳුලු වැල් මට පේනවා...බිමට බර උන ඇස් මගේ ඇස් මග අරින්න පටන්න ගද්දි නම් මට ටිකක් කේන්ති ගියා... මට ඕන එයාගේ අවධානේ, ඒත් එයා මට දැන් නොදෙන්නෙත් ඒකමයි...ඒ වගේ වෙලාවට මට හරියට කේන්ති යනවා...විශේෂයෙන්ම මම මොනවා හරි දෙයක් කියන්න හරි අහන්න් හරි බලාපොරොත්තු වෙන කෙනාගේ සම්පූර්න අවධානේ මට නැති වෙන එක මට ලොකු අපහසුවක්..ඒ නිවැරදි අවධානේ මට ලැබෙන්නෙ නැත්නම් මම ඒ වෙලාවට ඒ කෙනාව මග අරිනවා, නැත්නම් තරහා ගන්නවා, එක්කෝ මම කරන්න ආපු වැඩේ අතෑරලා දාලා පාඩුවේ ඉන්නවා... අද මම කලේ මේ අතරින් තරහා ගත්ත එක....
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...