Chapter 24✨

563 82 37
                                    

එයා මොනවා හරි හීනෙන් කියව කියව නිදි...කියන ඒවට මටත් හිනයි...කොල්ලා නම් හරිම හුරතල් නිදාගෙන ඉද්දි. ඒත් නැගිටලා ඉද්දි නම් මේකා තනි යකෙක්. එයාගේ මේ වෙනදට මම නොදකින හුරතල් ගති දැක්ක මට එයා ගැන අති වුන හැඟීම් තවත් වැඩි වුනා වගේ දැනෙන්නේ...මම ආස කරන විදියේ හරි ලස්සන හුරතලයක් එයා...

************************************

එපා, එපා...යනවා එහාට මෝඩ හිකනලී....ආවා මෙතන මගේ Zhan geව kiss කරන්න....

..... යනවා....යනවා....පලකෝ මෝඩ ගෑණීයේ....තොට කියනදේ තේරෙන්නෙම නෑද? ජරා හැතිරී... ගල් මූසලී... ගස් ගෙම්බී....

ම්..ම්... ම්හ්ක්....Zhan ge...එපා...එපා...බූරු මිනිහෝ....ඕක කරන්න එපා යකෝ....

පලයන්.. පලයන්... එහෙනම් ඒකිත් එක්කම පලයන්...ආආආර්හ්.....

මම නිකමට වගේ එයාගේ කාමරේට එබිලා බලද්දී කොල්ලා හීනෙන් කියවනවා...මුල ටික මම අහන් හිටියා මුකුත් නොකර..මෙයා නින්දෙනුත් Yiziගේ පළු අරිනවා..ඒකිට නොකියපු මල හත්තිලව්වක් නෑ...රටේම ඉන්න සත්තුන්ගෙ නමුත් පටලවගෙන ඒකිට බනිනවා...

කියන ඒවත් එක්ක මට එයාගේ හීනෙත් ලාවට වගේ හිතා ගන්න පුළුවන්...මිනිහට Yiziව දැන් නයාට අඳුකොළ වගේ වෙලා...ඒ තරමටම පේන්න බෑ...නම ඇහුනත් ඇති වයින් වෙන්න... දැන් හීනෙනුත් ඒකිව පේන්න බැරුව කෑ ගහනවා...

මුල ටික නිකං කෑ ගහලා කිව්වට අන්තිම හරිය කියද්දී එයා ගොඩක් aggressive උනා...අත පය එහෙට මෙහෙට විසි කර කර එයා අන්තිමට කෑ ගැහුවේ වෙව්ල වෙව්ල...

මුලදී හිනා වෙවී කියන ඒවා අහගෙන හිටියට එතකොට නම් මම ටිකක් බය වුනා...ඒ නිසා ඉක්මනට එයා ගාවට ගිය මම කොල්ලව අල්ලලා හෙල්ලුවේ එයාව හරි සිහියට ගන්න...

යීබෝ...යීබෝ... නැගිටින්න...කෝ...මොකද වුනේ...යීබෝ... නැගිටින්න දරුවෝ....

ම්හ්ක්...එපා... යනවා... යනවා....එන්න එපා තමුසේ...

යීබෝ.... නැගිටපන් බං..මොකද වුනේ? කතා කරනවා. ....

එපා... ම්ම්ම්.... ම්හ්ක්....යනවා එහාට...

එයා මට එයාව හරියට අල්ලන්න දෙන්නෙත් නැතුව නින්දෙන්ම මාව එහාට තල්ලු කර කර කෑ ගැහුවා...මම කියන එක අහන්නෙම නැති නිසා මම එයාට ටිකක් සැර වුනා... මටත් ටිකක් කේන්ති ගියා...එයා මට එයාව අල්ලන්න දුන්නේ නෑ... පුළුවන් තරම් මගෙන් ඈත් වෙන්නයි බැලුවේ...මට ඕන වුනේ හැම තත්පරයකම පුළුවන් නම් එයාව මගේ ළඟ තියා ගන්න වෙද්දි එයා මගෙන් ඈත්වෙන්න දඟලනකොට මට දරා ගන්න අමාරු වුණා...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now