ටිෆ්ෆනිගෙ යටි ගිරියෙන් කෑ ගැහිල්ල මගෙ කන් වල දෝංකාර දෙනකොට වතුරේ දගලන ටිෆ්ෆනියි, මියුරුගෙන් අයින් වෙන්න හදපු ටෂිගෙයි වෙනසක් නෑ වගෙ දැනෙනවා. මට රිදෙන තරමට මගෙ ඇස් වල කදුලු වලට වඩා භයන්කාර ගොළු හැගීම උඩට එනවා. අප්පිරියාව එක්ක තියෙන වෛරයක් උඩට එනවා.
"එප්... එපා... අත්... අත්තරිනවා..."
මම නැගිටිනකොට මම දැක්කෙ මගෙ ළඟ වෙනම කොල්ලෙක්. මම බය වුනා. කෝ මියුරු. එතකොට මූත් මාව... මම බයෙ කෑ ගැහුවේ පොඩි එකෙක් වගෙ. හංගන් හිටපු සේරම එළියට එන්න යනවා. මලට පිංසිද්ද වෙන්න මම ඒ මනෝ ලෝකෙන් දුරස් වෙද්දි ඒක නැති වෙද්දි මට මගෙ හිතේ බය උඩට එනවා කියලා නිතරම හිතෙනවා. මගෙ ඔලුව පොඩි කරන ගමන් මම තැවෙද්දි. මගෙ ලග හිටිය කොල්ලා බයෙ බයෙ පස්සට ගිහින් එයා එපා කියන්න වගෙ අත දිග් කරනවා. ඌ මාව අල්ලන්න හදනවා.
"ටෂි..." පිටිපස්සෙ හිටපු අම්මගෙ සද්දෙත් එයා ඇවිත් මාව බදාගන්නවත් එක්කම මම එයාට තුරුල් වෙලා ඇඩුවා.
"අම්මා..."
"ටෂි... මම ආවා... අම්මා ආවා පුතේ." මගෙ ඔලුව හරි ආදරෙන් අත ගානකොට මම තවත් අම්මට තුරුල් වුනා. මම හිතන්නෙ මම අඩනවා.
"අයියෝ මේ අඩන බබෙක් වෙලානෙ... කෝ කෝ මේ බලන්න..." මගෙ නිකට උස්සලා අම්මා මගෙ නලලට කිස් එකක් දෙද්දි මම ඒ උණුහුමේම ඇස් පියා ගත්තා.
විනාඩි ගානක් යන්න ඇති. මට පොඩ්ඩ පොඩ්ඩ හරි සිහියට ආවා වගෙ. මම අම්මා දිහා බැලුවා. ලැජ්ජයි යකො. මම ඒ මොන වන්නමක්ද නැටුවේ. පිස්සෙක් කියලා හිතුවද දන්නෙත් නෑ.
"අම්මා....."
"ටෂි... දැන් හරිද?"
"මොනවා හරි වෙන්නද අම්මා. මම මේ පොඩ්ඩක් අම්මව ප්රෑන්ක් කරා..." අමාරු හිනාවක් මූණට ගන්න ගමන් මම අම්මගෙන් එහාට වුනා.
"මරු ප්රෑන්ක් එක දවසෙම සාත්තු කරපු කොල්ලාවත් විසික් කරලා දාලා."
ඉන්න මම විසික් කරා කියලා මට මතකයක් නෑනේ. ශිට් කොහොමද කියපන්කො මූන්ගෙ මූණු බලන්නෙ මම ආයෙත්. ඇයි මට මෙච්චරම නෝන්ඩි වෙන්නෙ මේ වෙන පලාතකට ඇවිත්. දෝණිගෙත් නම විනාශයිනෙ.