අලුත් අවුරුදු ලබනකොට අපි හිටියෙ මම හිතුවා වගෙම නුවරඑළියෙ. 9 වෙනිදා ඉදන් අපිට හෙනට වැඩ සෙට් වෙනවා. ඉවරයක් වෙන්නෙ නෑ.
"ටූන... ටවුන් එකට ගිහින් කර්ටන් ටිකක් ගේමු..." සනා හෙල්මට් එකක් මගෙ අතට දාලා කරා.
"අලුතින් මොකටද බං රෙදි... ඔන්න ඔහෙ තියෙන ටික හෝදලා අලුත් වගෙ දාමු."
"සුදු මල්ලී... ආ ලිස්ට් එක... මේ ටික අනිවාර්යයෙන් ඕනේ තව හොද වයින් එකක් බලලා ගෙන්න. ආ නෑ ඔයා එපා... බාලවයස්."
"මගෙ id චෙක් කරන් නෑ දෝණි... බැලු බැල්මට මගෙ වයස පේනවට වඩා වැඩි."
"එත් තෝ මේ පොඩි පගයා එක්ක නම් යන්නෙ අනිවා චෙක් කරනවා. 9 වසරෙ එකෙක් වගෙ."
"දෝණි ඇත්ත කියපන් මූගෙ ඉස්සරහා මාව නෝන්ඩි කරලා ඔයා ලබන සතුට මොකක්ද?"
"නෑ ඉතින් මගෙ බූලි පැටියා අපිට දාන ලොකු සීන් මෙතනදීවත් බස්සන්න එපැයි." දෝණි මගෙ කම්මුල් මිරිකන ගමන් කිව්වා... මේකිට මේ මොකා ආරූඪ වෙලාද?
"කවුද දෝණි බූලි.."
"මේ මගෙ හුරතල් මල්ලි බබානේ..." ආයෙත් කම්මුල් අදිනවා. මේකි නම් ඕනේවට වැඩි.
"දෝණි මම කම්මුල් අල්ලනවට කැමති නෑ කියලා අමතකද?"
"අයියෝ... එහෙමද? කලින් කියන්න එපැයි... බූලි හිනාවෙලා ඉන්නෝ හලෝ... හිනාවක් ගන්න මාර අමාරුයිනෙ."
"වරෙන් යන්න යනවා නම්." මම හෙල්මට් එකත් අරගෙන යන්න හදද්දි සනා මගෙ අත අල්ල ගත්තා.
"ටූනාට වඩා බූලි කියන එක ලස්සනයි හැබැයි" එක්කො මුන් මේ මාව අවුස්සනවා. නැත්තම් වෙන එකක්.
"ඔහෝ.... මගෙ හදවත ගැහෙනවා දෝණි ආදරේන් මත්වෙලා... බොම්බයි මොටයි වගෙ ඒ බැල්ම මාව දිය කරනවනෙ. " දෝණිවත් අල්ලන් අරු කියද්දි මල පනිනවා යකො. මම කිව්වා කොල්ලෙක් මගෙ ජිවිතේට ආයෙ නාවට කමක් නෑ... එ මියුරු වුනත්, සනා වුනත්... මට වැඩක් නෑ.
"උඹ දිය වෙයන් එහෙනම්. මම ඩ්රයිව් කරන්නම්."
"කොහොමත් උඹට තමයි කරන්න වෙන්නෙ. මට ලයිසන් නෑනේ."
"ලොකු දෙයක්." මම බයික් එකට නැගලා කටේම තිබ්බ යතුරෙන් බයික් එක ස්ටාර්ට් කරා. ලා පොදයක් තිබ්බත් එච්චරම අවුලක් නෑ...