"ඕයි දැන් වත් ගෙදර යමන්." පැය ගානක්ම බීච් එකෙ ඉදලා, නාලා, ෆොටෝ ගහලා, පෙරලිලා මට හරි මහන්සි බං. සිරාවටම මම බලපු දෙයක් මේ සනා කියන එකා ඉන්න තැන මට නිදාගන්න වෙන්නෙ නෑ වැඩිය. චූ බරක් හරි හැදිලා නැගිට්ටෙනවා.
"තාම 4ටවත් නෑ."
"බල්ලෝ.... කිව්වා කියලා හිතාගෙන යමන් ගෙදර."
"අනේ ඕයි..."
"යන ගමන් මහරගම මිල්රෝ එකෙන් බුරියානි දෙකක් කමු." මම ඈලි මෑලි කඩලා ඉදන් හිටිය තැනින් නැගිට්ටේ පස්සෙ වැලිත් පිහදලා දාලා.
"එච්චර සල්ලි කොහෙන්ද බං.."
"එච්චර ඕනේ නෑ. 250යි..."
"සිරාවට..."
"ධමනියට... අනේ වදේ දැන් වත් යමුකො බං... මගෙ බඩ පුපුරන්න බඩගිනි..."
"හරි හරි දැන් මම බෑ කිව්වේ නෑනේ. කෝ අත දියන්..."
"කැහැටු මගෙ සරීර සක්තියෙන් උඹට නැගිටින්න පුලුවන්ද බං."
"ඕයි... නැගිට්ටවපන්..."
මම අකමැත්තෙන් අත දුන්නෙ. යකෙක් කාලා මූව අතුරුපසට කන්න මට මාර බඩගිනි.
"මෙන්න මෙහෙන් ඉදන් තව පොඩ්ඩකින් ඉර බහිනවා බලලම යමුකො බං." මගෙ අතත් ඇදලා ඌ ගාවම ආයෙ ඉන්දෙව්වා. වඩේ එක පිටින් ඉන්නෙ බං. වඩේ එක පිටින්. මරන් කන්න කේන්ති.
"මට නිදිමතයි බං, ඒ මදිවට මට බඩගිනි... මේ ඉරක් බැස්සා බැලුවා කියලා ඔය දෙකම වෙන්නෙ නෑ නේද?"
"මට ඕනේ බලන්න.... පිලිස්.... මම බීච් එන්නෙ නෑ හැමදාම..." අරු මගෙ දිහා බලලා කියනවා. මම මූණ පුම්බගෙන බිම බලාගත්තා.
"මෙහෙම කොහොමද? මං ගාවත් රුපියල් 1000ක් දැනට තියෙනවා. ඒකත් දාලා උඹේ 700ත් දාලා අපි මෙහෙන් මොනවා හරි කමු."
"ඕනේ නෑ..."
"මෙන්න මෙහෙ එනවා කෙදිරි නොගා අර හොටෙල් එකට යමු."
"බූරුවෝ ඕවායෙ කෑම ගනන්..."
"හැමදාම විදින්නෙ නෑ ඕයි... අනික උඹ මට අද දවසම දුන්න නිසා අද මගෙ ගානේ කෑම..."
"අනේ පලයන් බං යන්න උඹට සල්ලි තියෙනවාද ඔච්චර."
"ටූන මගෙ අම්මා ඉන්ලන්ඩ් ඉන්නෙ මගෙ කාර්ඩ් එකට සල්ලි පුරවන්නෙ ඩොලර් වලින්. උඹ හිතුවද එහෙම නොවෙන්න මහප්පලා මාව ගෙදර තියාගනි කියලා."