මොන මරණෙද සුන්දර වුනේ. හැමතැනම වගෙ මගෙ හිත පුස්තකාලේ තිබ්බට හාස්පසින්ම වෙනස්. මම කොච්චර පිටුපෑවත් රුවන් කියන්නෙ මොන වැරැද්දක් කරත් මගෙ හදවතේ තාමත් උඩම තනතුරක් දරන මිනිහෙක්. බොඩිය ආවේ පොලිසියත් එක්ක, ඒ බොඩියටත් රැකවල් දාලා. අපරාධකාරයෙක් විදියට පැනලා ගියපු ජිවිතයක් දැන් රුවන් අයියගෙ නැත්තම් මගෙ සරදියල්ගෙ අවසානේ ලියවිලා තියෙනවා....
'උඹ මගෙ මල්ලිනේ ඕනේ දේකට මමත් ඔට්ටුයි.....'
'ඔව් ඔව් ඉතින් මසියෝ ඔය සයිස් නම් කවදාවත් වරදින්නෙ නෑ...'
'උඹේන් මට මුකුත් එපා... මට උඹව බරක් නෑ...' සරදියල්ගෙ නිසල මිනිය මම දැක්කේ ඈතින්. වටේම රැකවල් එක්ක දෝණිගෙ මර ලතෝනියත් එක්ක යකඩ ගෑණියෙක් වගෙ එතනම දෝණිව අල්ලන් ඉන්න ලොකු අම්මා.... මම එහායින් දැක්කා දැන් මම මොකක්ද කරන්නෙ කියලා බලාගත්තු අතේ බලන් ඉන්න මගෙ අම්මව.... ඒ ඔක්කොමත් එක්ක වටේම මිනිස්සු එක එක කතා කිය කිය හිනාවෙනවා. සතුටු සාමිච්චියෙ. ඉතින් යථාර්ථය කදුලු විලක් වුනේ ඒ මරණෙන් පුරප්පාඩුවක් වුන මිනිස්සුන්ට විතරයි.
"අයියෙ..." මගෙ ලගට ඇවිත් මලිත් කතා කරද්දි මම ඌ දිහා බැලුවා. බය වෙලා වගෙ ඉන්න මෑන්ස් මුකුත්ම නොකියා එක පැත්තක් බැලුවා. ඒ පැත්තෙ හිටියෙ සතුර්කයි, රසෙලුයි. ඉතින් නොකියා කිව්ව දේ තේරුනා වගෙ මම ඒ කාර් එක පැත්තට ගියා.
"ටූන... මම ඔයා කිව්ව දේ බැලුවා..."
"ම්ම්ම්ම්ම්...."
"අපි යමුද?"
"එත් සරදියල්ගෙ මිනිය...."
"පැය 24ක් අපිට යන්නෙ නෑ. අපි මේ දෙන්නව තියලා යමු." සතූ මගෙ උරහිස්ස අල්ලලා හිනා වෙලා කියද්දි මම කාර් එකට ගොඩ වුනෙ සතූ කියන ඕනේ දෙයක් මේ වේලාවෙ පිලිගන්නවා මිස මගෙ ඔලුවට මුකුත්ම එන්නෙ නෑ.
අපි ගියෙ පොඩ්ඩක් එහායෙන් තිබ්බ නානුඔය ස්ටේශන් එකට. ශේහානි දන්න ස්ටේශන් මාස්ටර් කෙනෙක් හම්බෙන්න. සාමාන්‍යයෙන් වැඩේ හරියන එකක් නෑ. එත් අපිට අසාමාන්‍ය දේවල් වුනත් හිතන්න වෙනවා මේ වෙන දේවල් එක්ක බලද්දි.
"ටූන.... එක්කො ඔන්න ඔහෙ අඩනවකො... ඇවිදින මල මිනියක් වගෙනෙ..."
"මම හොදින්..." මම ඒක කියලා එළිය බලාගත්තා. මිනිය ගෙට එනකල් නොතිබ්බ හිස් හැගීම් මගෙ උච්චාවචනය වෙනවා. ගලන් යනවා. හරි දේ, වැරදි දේ අතරේ මම දෝලනය වෙනවා...