'ශෙන්‍යා ඔය මල මට දෙන්න පුලුවන්ද? එකම එක පෙත්තක් මට ඇති' මම ඇස් දෙක පියාගෙන මට ඕනේ කරන එකම දේ ගැන හීනයක් දැක්කා.
'මහ මුහුදේ සද්දෙත් එක්ක ලස්සන හිනාවකින් මූණ පුරව ගත්ත සතූ මගෙ ඉස්සරහා හිටියා. ඒ නැවක් ඇතුලේ එයාගෙ ලස්සන හිනාව එක්ක මම නිල්ම නිල් පාට ලෝකයක් දැක්කා. මේ බැදීම් වලින් ඈත් වෙලා ඔව් මට දැන් අතුරුදන් වෙන්න ඕනේ සතූ එක්ක. මගෙ ජිවිතේ හිනාවෙන්න ඕනේ මගෙ මාර්ගෝපදේශකයා එක්ක...
"ටූන අදත් මේක..." මගෙ අතේ තිබ්බ හත්පෙති මල පොත එයා අරගෙන වයින් වීදුරුවක් අතේ තිබ්බා.
"රුසියානු පරිවර්තනයක්... ඇයි මේකට මෙච්චර ආස..."
"හේතුව මොකටද අපි දැන් සුරංගනා කතාවක දෙයක් තර්ක කරන්න තරම් අපි පොඩි නෑ දැන්."
"එත් මට දැනගන්න ඕනේ... මේ රාක්කේ මෙච්චරම පොත් තියෙද්දි නිතරම ඔය පොතට අත යන්නෙ ඇයි කියන එක මට මාරම ප්‍රශ්නයක්." සතූ මගෙ ඉස්සරහා පොත එහාට මෙහාට කරන ගමන් ඇහුවා.
"අපි 5 වසරේදී මට මතකයි ඔය පාඩම අපිට තිබ්බා. වැලැන්තීන් කතාවේ හත්පෙතිමල. ඒ වෙද්දී පැණි වලලු නෙවේ බනිස් එකක්වත් කන්න සල්ලි මට තිබ්බේ නෑ. ශෙන්‍යාට නම් ඕනේ වුනේ එයා ළඟ තිබ්බටත් වඩා දේවල් ගන්න වුනාට මට ඕනේ වුනේ පවුලට සහනයක් වෙන්න. ඕලේවල් කරපු දෝණි අම්මා එක්ක කොළ විකුණන්න ගිහින් ගෙනාව සල්ලි වලින් මට පොඩි පොඩි කෑම මට ගෙනත් දෙනවා. අම්මා පුදුම විදියට මහන්සි වුන කාලයක් ඒ. සතූ දන්නවද මගෙ අම්මා එයාගෙ අයියලා, අක්කලා නිසා අපිට රිද්දුවා වගෙ වුනත් ඇත්ත කතාව ඒක නෙවේ. ගොඩාක් දවස් වල ඔය කුසුමා නැද්දා තමයි වාසියකට හරි මට ඉස්කෝලේ යන්න බත් එක බැදලා දුන්නේ. මට අච්චර දෙයක් මියුරු කරත් මගෙ අම්මා එයාට සලකන්න හේතුවත් මමමයි. ඉතින් අපි නොකා නොබී ගොඩක් දුක් වින්ද කාලයක් සතූ ඒ... මම නිතරම පොත අරගෙන හිතුවා මට ශෙන්‍යා වෙන්න පුලුවන් නම් මගෙ පවුලට හොද කෑම එකක් අරන් දෙන්න පුලුවන් වුනා නම් කියලා. අඩුම තරමේ මගෙ අප්පච්චිගෙ ජිවිතේට අපේ එක බැල්මක් හරි වැටෙන්න තිබ්බා නම් හොදයි කියලා. "
සතු මුකුත්ම නොකියා මාව බදාගත්තා. ඒ වැළඳ ගැනීම මට එවෙලේ ඕනේම දෙයක් වගෙ දැනුනේ.