"තුහින මොකක්ද බං වෙලා තියෙන්නෙ. දැන් කීයෙ ඉදන් මම කතා කරනවද උඹ එක්ක."
මගෙ පස්සෙ ඇවිත් සනා කතා කරා ගෙදර ආව වේලාවේ ඉදලම. එත් මට තාම කේන්තිය නිවිලා නෑ. මම ඕකට කියන්න කට ඇරියොත් මගෙ කට සවුත්තුයි කියලා ඕකා දැනගන්නවා. ඇත්ත කතාව ඒක ඌ දැන ගන්න ඕනේ නෑ.
"මොකද ටෂි අර සනාව ගනන් නොගෙන ඉන්නෙ ආ."
"දෝණි... මම ඔයත් එක්කවත් කතා කරන මූඩ් එකක නෑ"
"උඹට මාත් එක්ක කතා කරන්න මූඩ් එන්නෙ දඩයක් දාන්න විතරනෙ."
"අනේ දෝණි මේ... මම නාන්න යනවා." මම අල්මාරියෙන් ශෝටයි ටී එකයි අරගෙන ගෙදරින් එළියට බැස්සා.
"උඹ දැන් කොහෙද නාන්න යන්නෙ."
"පිං ළිදට... ඇයි තමුසෙත් එනවද?"
"හරි හරි උඹ පලයන්කො."
දෝණි ලිදෙන් නාන්න එන්නෙ එකිට කොණ්ඩේ වවා ගන්න ඕනේ වුනාම විතරයි. මම ලිදට එන්නෙ මට කේන්තිය කන්ට්රෝල් කර ගන්න අමාරු වුන වේලාවට. බිත්ති හතර ඇතුලේ මට විසදගන්න පුලුවන් ගොඩක් දේවල් අතරින් එතරින් පැනලා යන්න මට ඕනේ වුනාම මම එන්නෙ මෙතනට.
"අම්මොහ් මේ මිල්කා නැන්දගෙ පුතා නේද? දැක්ක කල්." මාව දැක්ක ගමේ ඇන්ටිලා දෙන්නෙක් මගෙ ළඟ නතර වුනා.
"කොහොමද ඇන්ටි." බොද වෙච්ච හිනා මූණක් දාලා මම ඇන්ටිගෙන් ඇහුවා
"පුතාට කොහොමද? අපි නම් ඉතින් ඔහෙ ඉන්නවා..."
"මම හොදින් ඇන්ටි."
"මේ කවුද අම්මෙ..." ටිකක් එහායින් ඉදන් ආව කෙල්ලෙක් ඒ ඇන්ටිගෙන් ඇහුවා.
"මිල්කා නැන්දගෙ පුතා.."
"මොකක්... පුතෙකුත් ඉන්නවද? මම හිතුවේ මල්ෂි අක්කා විතරයි කියලා ඉන්නෙ."
"මේ දරුවා වැඩිය එළියට එන්නෙ නෑ. උඹ වගෙම තමා. පුතා දන්නවද මෙයා කවුද කියලා."
අහවල් මගුලක් අහනවා. ඒ කෙල්ලව තියා මාත් එක්ක කතා කරන මේ ගෑණිවවත් මම දන්නෙ නෑ.
"පෙනවද උඹ වගෙ නෙවේ... කොල්ලා හරි අහිංසක කොල්ලෙක්."
"තූන.... මමත් එනවා..." හති දාගෙන ඈතින් එන සනා කෑ ගහලා කියද්දි අර කෙල්ලගෙ ඇස් නැවතුනේම ඌ ගාව. ට හිකෙන්නෙ මූ එනකල් ඔය ආකර්ෂණේ තිබ්බේ මට. ඌ ආවත් හරි මට මගෙ හැමදේම බෙදාගන්න වෙලා.