"මේක විසදන්න එන්න එන්නම අමාරු වෙනවා. සාක්ෂි විදියට මුකුත්ම ඉතුරු කරන්නෙ නෑ. ඇගිලි සළකුණක්වත්."
හෂිනි මායි හිටියෙ අත්තැරලා දාපු ඉඩමක. අපි වටේම බැලුවත් මුකුත්ම නෑ. මේ පාර නම් නිවිහැනහිල්ලේ මිනිය හංගලා කියන්න පුලුවන්. එත් මට ප්‍රශ්නෙ මාවත් මේකට සම්බන්දද කියලා.
"මම කිව්වා ගෙදර යන්න කියලා..." මගෙ පිටිපස්සෙන් ආව කට හඩ අදුර ගන්න මට පුලුවන් වුනා. ඒ නිසාම විශේශෙන් කියලා මම හැරිලා බලන්නවත් මහන්සි වුනේ නෑ.
"තමුන් කවුද?" හෂිනි සතු දිහාවට ඇගිල්ලක් දිග් කරලා මොනවද මතක් කරනවා. කලු කැප් එකක් දාලා, කලු මාක්ස් එකක් එක්ක ඕකාගෙ කට හඩින් අදුර නොගන්න මු තමයි මෙතන මිනීමරුවා කරලා තමයි හෂිනි පස්ස බලන්නෙ.
"සතුර්ක ලක් රූ... මෙයාගෙ..." මගෙ දිහා බලලා කියන්න ගිය දේ නතර කරා.
"මෙයාගෙ කවුද?"
"ආගන්තුකයෙක්..."
"දැන් එතකොට එයා අල්ලද්දි ඔයාගෙ නීති පොත නැද්ද මිස්ට තුහින." හෂිනි කියනකල් මට සිහියක් තිබ්බේ නෑ සතු මගෙ අත අල්ලන් ඉන්නවා කියලා.
"මෙයාගෙ අත විතරක් නෙවේ. " අරු මෙතනත් ඔය ජොකයි, පුකයි ගාන්න කලින් මම ඉස්සර නොවුනොත් මේ ගෑණි ඉස්සරහට ආයෙ ජොකෙක්... නෑ මම කිව්වේ කලිසමක් ඇදන් එන්න වෙන්නෙ නෑ... දැන් මගෙම වැරදි නිසා ජොකාගෙන් ඉහලටත් දේවල් කියන්න පුලුවන්.
"මගෙ යාලුවා මේ... සමනලිගෙ අයියා කෙනෙක්." මම එහෙම කියලා සතුගෙ අත මගෙ අතෙන් අයින් කරලා දැන්මා.
"මෙන්න මෙහෙ එනවා ගෙදර යන්න. තමුසෙටම කියලා ප්‍රශ්න නෑ වගෙනෙ මෙතන රටේ ප්‍රශ්න විසදන්නෙ..."
"සතුර්ක... පොඩ්ඩක් මගෙ ජිවිතේට ඇගිලි නොගහා ඉන්නවද? කලින් අවුරුදු 6ම හිටියා වගෙම ඉන්නවකො. අත් දෙක එකතු කරලා වදින්නම්" අපේ මැද්දෙ ඉදන් හෂිනි එහෙ මෙහෙ බලනවා. ඒ මදිවට සතුගෙ මට පේන ඇස් වලින් කියන කතා එක්ක මගෙ වචන තිබ්බේ තවත් අවුල් වෙලා. මම දන්නවා මේක රිදෙනවා. අපි දෙන්නාටම රිදෙනවා. මම මගෙ ජිවිතේට මෙච්චර පවර් එකක් සතුර්කට නොදි ඉන්න තිබ්බා.