සනා එක්ක මම නැන්දලගෙ කොරටුවට ආවට මොකද හිරි පොද වැස්සක් කඩන් වැටෙනවා ඉතින් අපිට බැරි වුනා එළවලු කඩන්න නැන්දට උදව් වෙන්නවත්.
මේක නැන්දලගෙ මහත්තයගෙ මහ ගේ ලු. ඉස්තෝප්පු කෑල්ලක් වගෙ හදලා අපේ බස් ස්ටෑන්ඩ් වල වගෙ කණු දාලා ඒක උඩට වහලයක් දාලා. මම හිතන්නෙ ගේ හදලා තිබ්බේ ගඩෝලෙන්. කපරාරුවක් වත් හරියට නොතිබ්බත් ඇත්තටම හරි පිලිවලයි.
"කොපි එකක් බොමුද?" මගෙන් සනා ඇහුවාම මම ඔලුව වැනුවා හා කියන්න. ඉන්න මූ ඉස්සල්ලත් අර තේ එක බිව්වා.
"උඹ කොහොමද දන්නෙ මම තේ බොන්නෙ නෑ කියලා."
"එක පාරක් තේ බීලා වොශ් රූම් එකට ගිහින් වමාරනවා දැක්කා."
"ඉන්න කොයි වේලාවෙද? බොරුව දාන්න එපා..."
"නැන්දා මුලින්ම උඹට ඇල්ලුවේ තේ කොප්පයක්. තමුසෙ අම්මා දිහා බලලා ආයෙත් ඒක අරන් බිව්වා. බිව්ව වේලාවට පස්සෙ ඉදන් හිටියෙ වොශ් රූම් එකක් ඇතුලෙනෙ..."
"තමුසෙ නිකන් ලිද ළඟ සංගමේ ගෑණු ටික වගෙනෙ. පොඩි දේත් අල්ල ගන්නවා." මම එහෙම කිව්වේ ඇයි කියන්න මම දන්නෙ නෑ. එත් මම බලාපොරොත්තු වුනේ මූට කේන්ති යයි කියලා එත් එහෙම දෙයක් වුනෙ නෑ.
"ඔව් නේද? ඉන්නවා මම කොපි ටිකක් හදන් එන්න.." ප්‍රතික්ෂේප කරේ වත් නැතුව සනා ඇතුලට ගියා.
උඩුපුස්සැල්ලාවේ දේශගුණේ හරි අමුතුයි. රළු මීදුමක් ආවත් වැඩ කරන්න පුලුවන්. නුවරඑළියෙ තරම් මට මෙහෙ සීතලක් දැනෙන්නෙ නෑ. කදුකරේ වගෙ තමයි අපි දැන් ඉන්නෙ. මම එළියට ගියාම පෙන්නෙ තවත් කදු වලලු දෙක තුන තියෙනවා. හැම ගේකම විශේශයක් තිබ්බා. එළවලු කොරටුවක්. ඒක හැම ගේකම තිබ්බා. කැරට් වගාවක්, ගෝවා වගාවක්, ලික්ස්, බෝංචි, රාබු ඔය වගෙ ඒවා...
"ලස්සනයි නේද?" මගෙ කම්මුලට දැනුන රස්නේට ගැස්සිලා ගියත් මම මේ පාර ඒ කට හඩ ආව නිසා බය වුනේ නෑ.
"වැඩිය රස්නයක් දැනෙන්නෙ නෑනේ."
"මට තේරෙන්නෙ නෑ ඇයි උඹ ස්වීටර් එකක් අදින්නෙ නැත්තෙ කියලා. සීතලේ ගල් වෙන්න ඕනේ වගෙ ඔහොම ඉද්දි උණු වතුර බාල්දියක් ගෙනාවත් රස්නයක් දැනෙන්නෙ නෑ තමයි"