අගලක් අගලක් ගානේම කුතුහලේ එක්ක යකඩ පුටුවක අත පය හිර කරන් මම ඉස්සරහා බලන් ඉන්නවා. කිසිම අදහසක් නෑ ඉස්සරහට වෙන දේ ගැන. එ තරම්ම මම හිටියෙ බොද වෙච්ච මනසකින්. කවුද හිතුවේ මගෙ විශ්වාසෙ මෙච්චරම පළුදු වෙයි කියලා.
මගෙ පෙනුම ගැන මටම දකින්නද කොහෙද මගෙම ඉස්සරහා කණ්නාඩියක් හයි කරලා තියෙන්නෙ. ඉන්න මම හිතන්නෙ එහෙම එකකට තිබ්බ කන්නාඩියක් නෙවේ ඒක මුලම තිබ්බේ ඇහැට නොපෙනෙන පුංචි කැමරාවක්. ඒක මට පේන්නෙ මම ඒ ගැන හොදටම ස්ටඩි කරපු නිසා විතරයි. මගෙ හැම පුංචි චලනයක්ම මගෙ ප්රතිවාදියාට වැදගත් කියන එකම මගෙ දක්ෂතාවක්. මෙහෙම හිටියට මට හොද දක්ෂතාවක් තියෙනවා. මම පට්ට එළ පොරක්. අබුද්ධස්ස කාලේ කිරි ලබුත් තිත්තයි කියලා නිතරම මම මගෙ හිතට කියන්නෙ බොරුවට නෙවේනෙ.
මොනවා වුනත් මේ මගෙ ප්රතිබිම්බය ඇතුලේ මම අසරණ වෙච්ච මාව දකිනවා. මූණ පුරාම ප්ලාස්ටර් අලවලා තිබ්බා. ඇග පුරාන හීරුන පාරවල් එක්ක මගෙ ඔලුවට පොඩ්ඩක් ලොකු බෙහෙත් ටිකක් දාලා තියෙන බව බැලු බැල්මටම පේනවා. කැනෝලා එකකින් දුන්න සේලයින් බට පේන්න තියෙද්දි මට දැනුනේ මං ගැනම ආත්මානුකම්පාවක්. සමහර දේවල් වලට මම ඇලුනා වැඩි. සත්තුන්ට වුනත් හොද වෙන්න ගිය එකයි මගෙ වැරැද්ද.
"මාව බේරගන්න... අනේ මට රිදෙනවා... මට මැරෙන්න ඕනේ නෑ.... නෑ... එපා... එපා.. මට දැන් මැරෙන්න ඕනේ නෑ...." මගෙ වටේටම මම දැක්කේ සරදියල් එක්ක ආව තඩි මහත කොල්ලො දෙන්නා විතරයි. මට අල්ලපූ කාමරේන් මට ඇහෙන්නෙ අර ගෙනාව පොඩි කෙල්ලගෙ විලාපේ.... මට වෙන දඩුවම් ඕනේද? මේ කෙල්ලව බේර නොගත්තොත් මේ හඩ කැලල් හැමදාකම මගෙ හිතේ හොල්මන් කරයි අද ඊයෙක වගෙ.
"අලුතෙන්ම අල්ලපු මාළුවෙක් වගෙ..... හා හා හා......" නපුංසක විපරිතයෝ හිනාවෙන සද්දෙත් අර කෙල්ලගෙ විලාපෙත් එක්ක මගෙ රූපේ විකෘති වෙනවා මම දැක්කා. ඒක ඒ තරම් විලාප ගත කරුමයක් මම වෙන කොතනකවත් දැකලා නෑ... ඒ තරම් මටම මං ගැන කලකිරීමක්. මගෙ දෝණි ගැන අනුකම්පාවක් ආවා. මේ වගෙ තිරිසනෙක් එක්ක පවුල් කාපු එකම ඇති.
හදිස්සියෙම වගෙ බිල්ඩින් එක පුරාම බෙල් සද්දයක් එක්ක එක දිගට සද්ද එන්න ගත්තා. කොහෙදෝ තිබ්බ අදුරු සෙවණැලි ගොඩට නිහඩ සතුටු සෙවණැල්ලක් ආවත් හදවතේ තිබ්බේ දරාගන්න අමාරු බයක්. මේක මගෙ සටන... ඒ වෙලත් මම පැරදිලා තියෙනවා. එත් ඒක දිනවන්න තියෙන බැදීම කොච්චරක් වෙයිද කියන්න මට තේරෙන්නෙ නෑ.