දවස් ගානක් ගියා... භූත පෙට්ටියෙ හිර වුන භූතයා වගෙ මම රූම් එකෙන් ඔෆිස් එකට, ඔෆිස් එකෙන් රූම් එකට. එදා රෑ වුන සිද්දිය ගැන ඔෆිස් එකෙ ඌන් නොදන්න ගානට ඉන්නවා. ඊට පස්සෙ දවසෙ වුන දේ ගැන සතුර්ක නොදන්නවා, නොවුනා ගානට ඉන්නවා. මම පාඩුවේ ඉන්නවා. මර්ඩර් එකෙ ප්‍රගතියක් ඇත්තෙත් නෑ. හෂිනි මාත් එක්ක එකතු වෙලා ඒ ලමයිගෙ ගෙවල් වලට යන්න හෙට දාගත්තා. ඒවගෙ ඒවට නම් අපේ ලොක්කො ඕනේ තරම් නිවාඩු දෙනවනෙ. ඉතින් ඕක මොකක්ද? ඔයා යන්න ටකේෂ් කියලා.
හවස 4 ඕෆ් එකෙන් පස්සෙ මම බනිස් එකක් කාලා ගෙදර යන්න එළියට ආවා. කොතන කෑමත් අයිස් ගලක් වගෙ. දැන් මගෙ ඇගටත් පණ නැති වෙලා තියෙන්නෙ. ලොකු අම්මලගෙ ගෙවල් දිහා ඇස් යවලා බැලුවත් එකම දවසක් වෙනදා වගෙ අරු නෑ. ඒකම ලොකු හිස්කමක් ගේනවා.
අපේ බොරළු පාරේ මගෙ බයික් එක බබා වගෙ යද්දි මෙන්න බොලේ පූර්ණා... මේකිට මෙච්චර හවස් වෙලා මෙහෙ ගාටන්න අයියා කාරයා පර්මිෂන් දුන්නද?
"ඔහෝ... මහත්තයාව දකින්න තියෙන අමාරුව..." බයික් එකෙන් බහින්න වුනේ නෑ ගෑණි බෙරිහන් දෙනවා. අනේ මට මේ ගෑණු එක්ක දැන් හරි මහන්සි...
"මොකො මෙහෙ... ගෙවල් නැද්ද දැන්."
"ආවා ඉතින්..."
"තෝ දැන් බදුල්ලට ජෙට් එකෙන්ද යන්නෙ හවස 7ට කලින්."
"අයියෝ ටෂි අද අයියා ගෙදර නෑ."
"ඇයි කොහෙ ගිහින්ද?"
"ඉන්දියාවේ ගියා බිස්නස් වගේකට."
"අපරාදේ තමුසෙටත් යන්න තිබ්බේ." මම හෙල්මට් එක තෙල් ටැංක් එකෙන් තියලා ගේ දිහා බැලුවේ තොරණක් වගෙ ලයිට් දාලා නිසා. ඒක සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්නෙ.
"ඕයිෂ්... රාණිට කියන්න ඕනේ පඩි ටික අතුල්ලලා දාන්න කියලා." දෝණි ලොකු මොකක්ද වට්ටියක් එක්ක... ඉන්න ඉන්න මේ මොකත මේ...
සුදු කාන්චිවරම් සාරියට ලස්සන දිග මාලයක් දාලා, ඒ මදිවට කොණ්ඩ නකුට්ට ගොතලා පිච්ච මල් කොණ්ඩේ ගහලා... සුදු මූණේ සිරියාවත් එක්ක ඇහි බැමි මැද්දෙ පොට්ටුවක් තියලා හරි ලස්සන කෙල්ලෙක් මගෙ පැත්තට එන්නෙ.