"අනේ බං මේ.... නිකන් මලගේ වගෙ හැසිරෙන්න එපා රෙද්ද...." මලිත්ගෙ කෑ ගැහිල්ලටම කාර් එකෙ සීට් ගැස්සෙනවා වගෙ දැන්. අපි ක්‍රිෂ්ණාගෙ ගෙදරින් ආව ටයිම් එකෙ ඉදලා සතූ ඉන්නෙ බෝ කොලේට ගහපු අතු කොලේ වගෙ. අබුද්ධස්ස කාලේ ගොවියන්ට කියන්න මටත් දැන් කිරි ලබු පෙනිලා ඉන්නෙ.
"ඔය කට පොඩ්ඩක් වහ ගනින්කො. පුදුම කියවිල්ලක්..."
"ආ තඩියෝ... තෝට දැන් මගෙ කටද වැරදි..."
"ඔව් තොගෙ කට තමා."
"මරාගෙන කනවා බොල මම. මම කැහැටු වුනාට හොදට කරාතේ පුලුවන්."
"අනේ උඹ අර මිනිහා මේ පැත්ත හැරුන ගමන් කටට ඉබ්බෙක් දා ගන්නවා. ඉතින් එහෙම තෝද මේ කරාතේ ගැන කියවන්නෙ."
"ඕයිෂ් අපේ රිපෝර්ටර් සර් වෙනමම ලෙවල් එකක්... නැද්ද බැලේ..."
"මලිත් ඔය බැලේ කියන එක නොකියා ඉන්නවා නම් හොදයි..." මම වර්නින් එකක් දෙන ගමන් ආයෙත් කට පියාගත්තාම අරු බුම්මට්ටෙක් වගෙ පුම්බගෙන බිම බලාගත්තා.
"එත් ඇයි?"
"මලිත් මම කැමති උඹට මුකුත් නොකියා ඉන්න. ඒ නිසා මම කැමති මේ ජෝක් එක මෙතනින් නවතිනවා නම්..." මම එහෙම කියලා කඩයක් ළඟින් නැවැත්තුවා.
"මොනවද මහත්තියා ඕනේ."
"පැණි රස දෙයක් තියෙනවද කන්න. කේක් වගෙ..."
"පැණි රස...."
"ඔව් නැන්දා..."
"වෙල්ලවැහුම් නම් තියෙනවා මහත්තියා. තව හැලප, පැණි රවුම් වගෙ තමා."
"එහෙනම් එක බෑග් එකකට වෙල්ල වැහුම් දෙකක් දාලා තව එකකට පැණි වලලුයි, වෙල්ල වැහුම් දෙකකුයි දාන්න..." මම කාර් එක ඇතුලේ ඉන්න මූඩ් ගිලපු මිනිහා දිහා බැලුවා.
"ආ මහත්තියා."
"ඔය පෙප්සි එකකුත් දෙන්න නැන්දා... ආ සල්ලි." මම සල්ලි දීලා බෑග් දෙක අතේ තියන් කාර් එක දිහා බැලුවා. පෙප්සි එකත් අතට අරගෙන කාර් එකට නැගලා ඉදගත්තත් සතු නෙවේ කතා කරන්නෙ තාම
"මලිත් ආ..." එක උරයක් ඌන් දෙන්නට දීලා මම අනික් එක අරුගෙ ඔඩොක්කුවට විසික් කරා.