"මේ අවුරුදු කාලේ හිනා වෙයන් ගොයියෝ... උඹේ රිසාල්ට් ඉක්මනින්ම එනවෝ.... වෝඔ වෝඔ වෝඕඕඕඔ" මේ අවුරුදු කාලේ මට ඉන්න වෙන්නෙ මේ දියල් ගෙ ගොන් ගොඩ ජෝක් එක්ක. ඇයි වදේ මම විතරද එක්සෑම් කරපු මිනිහෙක්ට ඉන්නෙ... ඒ මදිවට අප්පච්චි ගෙදර ඇවිත් ඉතින් සම්තිං ඉස් රෝන් වගෙ අතේ සතේ නෑ..
ඉස්කෝලේ යද්දි මම භාගෙට මැරුනා එත් මේ ටිකෙම හිටියෙ කරන්න දෙයක් නැතුව. එක වේලාවකට මට නිදා ගන්න එකත් එපා වෙනවා. දැන් අවුරුදු ලබනවා කියලාවත් මට නම් ගානක් නෑ. ඉස්සර වගෙ දැන් කිසි ලල් එකක් නෑ. අහල පහල ගෙවල් වල සෙට් එකක් හිටියා ඉස්සර නම් කැට හරි සෙල්ලම් කරන්න. එත් දැන් ඒක බෑ. ඌනුත් තාප්ප වලින් වට වෙලා.
"ටෂි ආ... කෝ..." ඇදේ හිටිය මට අම්මා කොකිසක් ගෙනත් දුන්නා. වෙනදට නම් කියන්නෙ තාච්චිය ලිපේ තියෙනකල් කන්න දෙන්නෙ නෑ කියලා.
"තාච්චිය ලිපේ නැද්ද?"
"තියෙනවා ඇයි?"
"නෑ අම්මා කැමති නෑනේ තාච්චිය ලිපේ තියෙද්දි අපි කනවට."
"මගෙ කොල්ලා මං ගාව ඉද්දි මම මොකටද විරිත් රකින්න දගලන්නෙ. එළියට ඇවිත් ඉන්නො ඔය කලු මූණ පෙන්නවත්..." අම්මෙක්ගෙ ආදරේ ඇයි බං මම සැක කරන්න හදන්නෙ. එත් නෑ මේක හෙන සැක හිතෙනවා යකෝ...
"අම්මා මොකක් හරි වෙන්නද යන්නෙ."
"අනේ නෑ උඹට තේරෙන් නැද්ද? රිසාල්ට් එන්න ළඟ නිසා උඹව එලවලා දාන්න හරි හිත හදාගන්න ඔය හොදට සලකන්නෙ." දෝණි අම්මගෙ උරහිස්සෙ එල්ලිලා කියනකොට හැබැයි මගෙ සැකෙ දුරුත් වෙනවා. කමක් නෑ ඉතින් රිසාල්ට් එක මට ශුවර්. රෑන්ක් නම් වැටෙන්නෙ නෑ. එත් මට මං ගැන විශ්වාසයි.
"මගෙ කොල්ලා ෆ්‍රේල් වෙන්නෙ නෑ... උඹ වගෙ නෙවේ... වැස්සි... පලයන් ගිහින් කොකිස් ටික හදපන්. ලොකු අම්මට දීලා මෙතනට ආවේ."
"මා ඔබේ දූ නොවේද අම්මේ..." තාලෙට කියලා මගෙ කොණ්ඩෙත් අවුල් කරලා දෝණි යන්න ගියෙ.
ඇත්තටම ගෙදර සිටුවේශන් එක එන්න එන්නම විකාරරූපි වෙලා වගෙ. අප්පච්චි මගෙ දිහා බලන්නෙවත් නැතත් මුකුත්ම ගෙදර ඌන්ටවත් කියලා නෑ.