"මම නිතරම හිතපු දෙයක් තිබ්බා... මේ මනුස්සයා මයාකාරයෙක් වෙන්න ඕනේ... නැත්තම් වෙන මොකක්ද?"
"ආආආ..." තකහනිය දේවල් විසදගන්න ආවට මොකද මේවා පටන් ගන්නවත් වචන ගලපගන්න මට තේරෙන්නෙ නෑ. හංස බෝට්ටුවක් ඇතුලේ මම හිටියාම මගෙ කට ලොක් වෙලා වගෙ. මැරුණු ආච්චිවත් වැහිලද මන්දා මට මොකක්ද කියන්න ඕනෙ කියලා තේරෙන්නෙ නෑ.
"ඇයි නැද්ද? එක්කො උඹට මයා බලයක් තියෙන්න ඕනේ." සතුර්ක අද පෙත්ත බිව්වේ නැද්ද දන්නෙ නෑ. මම ආයෙම ආයෙම ඌ දිහා බලද්දි ඌ හිනාවෙනවා.
"උඹ එක කතාවක පුරාවෘත්තයක් වුන මර්ලින්ව දන්නවද? ආතර්ව බේරගන්න ඕනේම දෙයක් නැති කරගන්න කැමති මර්ලින්. එහෙම මනුස්සයෙක් හිටියා කියන්න අදටත් මිනිස්සු දත කනකොට මට හිතෙන්නෙ මගෙ ලගම එහෙම මිනිහෙක් ඉන්නවා කියලා." ඔහෙ කියවගෙන යන සතුර්ක කියවන විකාර දරාගන්නම බැරි තැන මම ඌගෙ නලලට අත තිබ්බා.
"නෑ උණක් නෑ.... මම මේ මගෙ හිතේ තියෙන දේවල් කියනවා. අහගෙන ඉදපන් ඉස්සර වගෙ" සතු එහෙම කියලා නලල උඩ තිබ්බ මගෙ අත තද කරලා අල්ල ගත්තා
"නෑ පොඩ්ඩක් අසනීපෙන් වගෙ... එකයි බැලුවේ"
"මේ අසනීපේ හැදීලා දැන් ගොඩ කාලයක් වෙනවා.."
"ආහ් හරි හරි උඹ කියන් ගියපු සුරංගනා කතාව කියපන්කො"
"උඹ ආසම සුරංගනා කතා වලට නෙවේද?"
"මොකක්"
"මට මතකයි මම උඹව මගෙ පුස්තකාලේට ගෙනියපු පලවෙනි දවසෙ උඹ නතර වුනේ සුරංගනා කතා පොත් ළඟ. ඒවායෙ ලොකු ලොකු ලස්සන චිත්ර දිහා බලද්දි අවුරුදු 18ක් වුන මිනිහගේ හිනාව මම සද්දෙ නැතුව රසවින්දා. උඹ ඇතුලෙන් කවුද? එළියෙන් කවුද? කියලා හොයන්න හරි අමාරු මිනිහෙක් ටූන... හරියට මර්ලින් වගෙ."
"මර්ලින් වගෙ... හේතුව"
"උඹ අනික් මිනිස්සුන්ට හිත උණුවෙලා හැම උදව්වක්ම කරලා, නීතියත් උඹට ඕනේ ඕනේ විදියට හදාගෙන වැඩ කරන අපිලිවෙල මිනිහෙක්. වගෙම කම්මැලියෙක්. එත් ඕනේ වුනොත් දැන් වුනත් උඹට ඒ දේ ඕනේ. මොකද උඹට ඒ දේ ඕනෙම නිසා... ඒ වගෙ මිනිහෙක් උඹ... උඹට බෑ මිනිහෙක්ගෙ කදුලු බලන් ඉන්න. උඹ කතා නොකර වැඩියෙන් ඉන්න බලන්නෙත් කට හොද නැති නිසානෙ. ෆර්ෆෙක්ට්ලි මර්ලින් වගෙමයි. එතකොට මම කවුද ආතර්..."