මහා වේලාවක් මමයි, සනායි නිදාගෙන තිබ්බේ නෑ කියලා දැක්කෙ එළියට ගියාම. ඊයෙ හීන් පින්නත් තිබිලා වගෙ. ලස්සනට පොකුරු පිටින් තියෙන ඩේලියා මල් වල පිණි බිංදු වැක්කෙරෙනවා. ඒ එක්කම අහසෙන් ලා හිරු කිරණක් ඒකට වැටිලා පිණි බිංදුවේ අයිස් මුදවන්න වගෙ දුමක් එන්නෙ. ඒ එක්කම එතනට එන දේදුනූ පාට අව්ව කියලා නිම කරන්න බැරි තරම් ලස්සන පාට ලෝකයක් අපිට මවලා දෙන්නෙ. ඒ ලස්සන ඩේලියා පොකුරු එකට එකතු වෙලා හිනා වෙද්දි ලී වැට දිගේ දුවපු සමන් පිච්ච මල් වල සුවදද කොහෙද මගෙ නාස් පුඩු ඇතුලට ගිහින් මගෙ ඔලුව ඉබේම මේ පරිසරේ විදින්න අරන් වගෙ ආව හුලගට ඇස් පියෙව්වේ... ෆීලින් එක මට දැනෙන මේ හිරිගඩු පිපෙන මේ සීතල නිසා අලුත් වෙනවද මන්දා.
කළුවරේ නොදැක්ක රුවන් අයියගෙ නුවරඑළිය මහා ගේ බලන්න මම තණ පිට්ටනියකින් වට කරලා තිබ්බ සිමෙන්ති බෙන්ච් එකෙ ඉද ගත්තා.
මේ ගේ පරණ බංගලාවක් වගෙ ඒ තරම් ගාම්භීර පෙනුමක් පිටින් ගේන්නෙ.. ගේ ආරක්ෂා කරලා තියෙන්නෙ ලී වැටකින්.. ඒ ආරක්ෂාව හංගන්න වගෙ තියෙන රෝස පදුරු වලින් ලස්සන සාමයක් පෙන්නන්න හදනවා. මට නිකමට හිනාවක් ගියා. මම මල් වලට ආස මිනිහෙක් නොවිත් මම මේ මිදුලට ආව වෙලාවේ ඉදලා ඈතින් පෙනුන ඩේලියා මලට පැණි පෙරන නිසා.
"හේ... වසවර්ථියා මෙන්න ටී කෝපි බොනවා..." මම කවුරුත් මගෙ ලගට එනවා අහගෙනවත් දැක්කෙවත් නෑ. ඒ නිසාම මම ඒ පැත්ත බැලුවා.
ඒක ඩේලියා මලක් වගෙ... එයාගෙ කොණ්ඩේ කර්ල්... ඩේලියා පෙති වගෙ... මූණට වැටෙන කර්ල් කොණ්ඩේන් පිණි බිංදු වැටෙනවා වගෙ වතුර බිංදු එක දෙක වැටෙන්න. හිතවත් කමකවත් හිනාවක් නොදෙන ඒ තොල් දෙක රෝසම රෝස පාටයි. පොඩ්ඩ පොඩ්ඩ නගින ඉර හෙමිහිට මම හිටපු තැනට එනකොට එයාගෙ ඇස් දිලිසුනා. ඒවා ආඩම්බරයි ඉර එළියට ඒ ආඩම්බර ඇස් පියවෙද්දි මම නිකන්ම නිකන් එයා දිහා බැලුවා. මට දැනුනෙ එහෙම වෙද්දි එයාගෙ ආඩම්බර කමත් දිය වෙනවා කියලා.
"මේක ගන්නවා. මම කොච්චර වෙලා මේක අල්ලන් ඉන්න ඕනේද? හාමු බේබි." ඝන ඇහි බැමි උස්සලා මට කේන්ති නොරුස්සන පෙනුමක් දෙද්දි මම බැලුවේ කොප්පේ අල්ලන් හිටිය ඒ අත දිහා. මහතම නෑ එත් කෙට්ටු කැහැටුත් නෑ. ඒක නිකන්ම නිකන් නෝර්මල් ඇගක්. මම කෝප්පේ අරගෙන අහක බලාගත්තා. මොකද දැන් මූ දන්නවා මම බැලුවේ ඌගෙ ලස්සන කියලා.