මිරිස්වත්තෙන් මම රත්මලාන රූට් එකට දාලා කටුබැද්දට කිට්ටු කරා. මේ රූට් එකෙ ඉරිදා නෙවේ කවදා ගියත් ට්‍රැෆික්. අඩුම රෑක ගියත් එදාටත් ට්‍රැෆික්. ඒ ගැන මම හොදටම දන්නවා. ට්‍රේනින් කොලේජ් එක ළඟ රෙඩ් ලයිට් වැටුනේ මම දාන්න ඔන්න මෙන්න තියලා. දැන් ඉදපන්කො මෙතන තපස් රැකගෙන.
පිටිපස්සෙ එකා ඉන්නවද? හුස්මක්වත් ගන්නවා දැනෙන්නෙ නැති නිසාම පිටිපස්ස බැලුවා. නෑ නෑ ඔය ඉන්නෙ හෙල්මට් එකත් එක්කම රවාගෙන. මිනිහා නැත්තම් මම ඉවරයි මොනවා වුනත්. ඒ නිසා ඉතින් බැන්නත් අහන් ඉන්න හිතලා ඉවරයි...
"ඒ මොකො ඔරොප්පුවෙන්." මම අත් දෙකත් බැදගෙන හිටිය නිසා පිටිපස්ස හැරිලා බඩට ඇන්නා.
"නිකන් ඉන්නවා. ඔන්න කොළ වැටුනා යමන්."
"උඹ කියනකල් මම මේ බලන් හිටියෙ." තවත් දෙයක් මූ කියන්නෙම නෑ. ඔරොප්පුත් වෙලා... පොඩි වෙට්ටුවක් දැන්මා එයාපෝර්ට් එක ළඟදි. බැලන්ස් නැතුව ඌ මගෙ ඉණ තද කරලා අල්ල ගත්තාම. අම්මපා මත් ශොක් වුනා.
"තොට ගායද? පලයන් ගස්සන් නැතුව..."
"අනේ මේ ගස්ස ගස්ස ගියා කියලා වැදෙන්න තොට පපුවක්වත් පිම්ඹිලා තියෙනවද?" මම පොඩ්ඩක් ස්ලෝ කරලා කනට කිව්වේ.
"පිම්ඹිලා නොතිබුන එක ලොකු දෙයක්. වසලයෙක්ගෙ පැණි ඇගෙ හැලෙනවට වඩා."
"පැණි හලන්න වැඩිපුරම හොද ඇගෙ නෙවේ බං කටේ...." මම හිනාව තද කරන් කියද්දි මෙන්න මූ මගෙ පිට පලන පාරක් ගැහුවා. හත් දෙයියනෙ හැප්පුනේ නැති එක ලොකු දෙයක්.
"කට නෙවේ බල්ලො ඕවා හලන්න හොදම හිල..." මම කවදාවත් සනා කියන එකා මෙහෙමයි කියලා නම් අම්මපා හිතුවේ නෑ. කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලාම මම ලෙල්ලටම කනත්ත පාස් වෙලා ගල්කිස්ස අතුරු පාරෙන්ම දාලා ගල්කිස්සට ගියා දැන්මා...
"වාව්..... ටූන.... මේ ස්මෙල් එක මරු....." බයික් එකෙ යන ගමන්ම නැගිටලා අත් විහිදුවා..
"මනුස්සයෝ බැලන්ස් නැති වෙයි." මම කෑ ගැහුවත් කිසිම ගානක් නෑ, තරහක් නෑ වගෙ ඌ, ඌගේ ලෝකෙ... මම පුලුවන් තරම් සෙෆ්ට් එකට බයික් එක ගෙනිහින් පාර්ක් කරා.