හිත හදාගන්න තේරෙන්නෙ නැති වේලාවක මම මොකක්ද කරන්න ඕනේ. මැරෙන්න තරම් වේදනාවක් එද්දි මට තිබ්බා මිනිස්සුන්ට මෙච්චර බැදෙන්නෙ නැතුව ඉන්න. මිනිස්සු මටම ඇයි මෙහෙම කරන්නෙ... මම මගෙ ජිවිතේ වෙනුවෙන් දිව්වේ එත් ඇයි මගෙම මිනිස්සු මම නිසා අසනීප වෙන්නෙ...
"ටෂි.... දරුවෝ...." අප්පච්චි මගෙ ළඟින් ඇවිත් ඉදගෙන මාව බදාගත්තා. එත් මට ඒක ඕනේ වුනා වගෙ නෙවේ... ඒත් හිතට උණුසුම් දුකක් දැනුනා... නිවෙන්න ඕනේ වුනත් අද මගෙ පපුවම ඇවිලෙනවා. මට සතූ නිසා දැන් හරි අසනීපයක් දැනෙනවා..
"අප්පච්චි.."
"මෙහෙම දුර්වල වෙන්න නෙවේ මම පොඩි කාලේ ඉදලා කියලා දුන්නේ."
උණුසුම් පපුවක දැනෙන්නෙ සීතල වචන වල රසක් දැන් මට දැනෙන්නෙ... කදුලක්වරත් ගලන්නෙ නැති මේ ශාපලත් මගෙ ඇස් දෙක නිසාම හදවත ගැහී ගැහී තියෙන්නෙ වේදනාවෙන්. හිරි වැටෙනවා වගෙ.
"දැන් යමු... ඩොක්ටට කතා කරන්න ඕනේ කිව්වා."
"හරි අප්පච්චි...." වේදනාව මෙච්චරයි කියලා කියන්නවත් බෑ. එත් මම ආයෙත් දුවන්න ඕනේ. මගෙ වේදනාව කුණු කූඩෙකට දාලා මම ආයෙත් දුවන්න ඕනේ... ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් මම කරන හැමදේම නිසා අද මම අසනීප වුනා කියලා මම කොහොමද කියන්නෙ.
ඩොක්ටගෙ රූම් එක ඇතුලට මම යද්දි එතන හිටියෙ ඩොක්ට අශෝක විතරයි. වට පිටාවේ බලන්න ඕනේ වුනත් ඒකත් දැන් ඕනේ නෑ වගෙ මම ගිහින් ඩොක්ට ගාවින් ඉද ගත්තා.
"ටකේෂ්... මම දන්නවා... මේ වේලාවෙ හැටියට ඔයාගෙ ඔලුවට මේ හැමදේකම ලොකු බරක් තියෙනවා කියලා. එත් සමාවෙන්න මට වෙන විකල්ප නෑ."
"මම හොදින් ඩොක්ට... කියන්න"
"ඔයාට තේරුනා ඇති. රුවන්ගෙ මනස කිව්ව හැමදේමත් එක්ක එයාගෙ හිතේ ඔයාට තියෙන තැන. මිනිස්සු හැගීම් පෙන්නනවට වඩා සමහරවිට ඒ මිනිස්සුන්ගෙ හිතේ හැගීම් තියෙනවා."
"ඩොක්ට කියන්න හදන්නෙ මොකක්ද? රුවන් අපේ දුවගෙ හස්බන්ඩ්. එත් ඒ වෙලත් මට තේරෙන්නෙ නෑ රුවන්ගෙ මනස පුරාම ඉන්නෙ ඇයි මගෙ පුතා කියලා."
"එයාට ආදරේට වඩා ඕනේ යාලුකමක්. රුවන් කෞශල්‍යා එක්ක සම්බන්ධ වෙන්න කලින් ඉදන් හෙව්වේ ස්ට්‍රෝන්ග් යාලුකමක්. මොකද එයා මවාගත්ත සදලි නිසා. අපිට හිතන්න තිබ්බා සදලි යාලුවෙක් නොවි ආදරයක් විදියට ආවේ නෑ. අනික එයාගෙ ජිවිත කාලේ මේ වෙනකල් එයාට බලපෑම් කරන්න පුලුවන් චරිත හිටියෙ තුනයි මිස්ට සුමිත්."