90

704 128 77
                                    

අපේ නැවතුම කොතනද කියලා අපිට කියන්න බෑ. ආයෙමත් කාර් එකට නැග්ගට යන එන මං නෑ වගෙ මගෙ දිහා සතු බලන් ඉද්දි මම ඔහේ ඒ දිහා බලන් හිටියා.

"මොකද ගිලින්න වගෙ."

"ගිලින්න උඹ රස නෑ.."

"උඹ වගෙ මම කුණු නෑ."

"කෑමකට කොහොමත් ලුණු නැතුව කන්න බෑ."

"ඕකේ ලුණු නෙවේ බැක්ටීරියා ඇත්තෙ..."

"ඕයි ඕයි... පිස්සෙක් වගෙ කියවන්න එපා. මේ සීතලට දාඩියවත් නොදාන කොට උඹ වගෙ පේ වෙන්න මට ඔලුවේ අමාරුවක් නෑ. යකො මගෙ නෑම මූටනෙ ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ"

"නෑම විතරද බං... උඹේ කුණු පුලුටු ගද රෙදි, හත් අවුරුද්දකින් හෝදපු නැති ටවල් එක, කොට්ට උර කොටින්ම උඹ අදින ජෝකා පවා කුණුයි කුණු ගදම ගදයි."

"මම කිව්වේ නෑ උඹට මගෙ ටවල් එකෙන් පිහින්න කියලා. අනික තෝ මොකටද මගෙ ජොකා ඉඹින්නෙ.."

"එකාතකට ඕක ජොකෙක් කියලා පිලිගන්නත් බෑ."

"මොකක්ද මොකක්ද දැන් කියන්නෙ.."

"හිල් පිරිච්ච ජොකෙක් අදින එකෙන් වැඩක් තියෙනවද? අනික පුංචිම පුංචි එකක්.. කුට්ටමවත් වහගන්න බැරුව"

"මම කවදාවත් උඹේ ජොකෙක් අරන් ඒකෙ මිම්මවත්, ගදවත්, හිලවත් බලලා තියෙනවද බං..." මම සතූගෙ අත අල්ලලා ඇහුවාම මිනිහගෙ කට වැහුනා.

"තෝ ඌරෙක් ටූන... පිලිගනින් ඒක."

"අනේ ඉතින් හා රාලේ මට ගානක්වත් නෑ... මම මගෙකාගෙ වත් ජොක්කුන්ගෙ ප්‍රමිතියක් හොයන්නෙ නෑනේ..."

"මම හොයනවා ඇයි ප්‍රශ්නයක්ද?"

"ආපෝ නෑ.."

"ටූන..."

"මට ජොකෙක් නැතිව තමා අගේ වැඩි.." මම හීන් සැරේ කියලා සතුගෙ මෙන්ටොස් එකක් අරන් කටේ දාගත්තා.

"තෝ අවලමෙක්... තෝ නිකන් ඉන්නෙ උපාසක වගෙ... ඒත් බලපන් කටේ ඉදන් පෙරෙන්නෙ වල් කම."

"ඉතින් ඇයි අවුස්ස ගන්නෙ."

"මම කියන්නෙ උඹ දැන් ඉදන්වත් පිරිසිදු වෙන්න ඕනේ කියලා."

"ඇති ඇති තොගෙ කුනු කතා. උඹ හාවෙක් මම ඌරෙක්... ඉතින් මම හිතන්නෙ නෑ අපේ අම්මලා මේකට කැමති වෙයි කියලා... ඔයාගෙ අම්මා තාත්තලා වුනත් එහෙමයි... ඉතින් මම කියන්නෙ මේක වෙන්නෙ නෑ..." එක දිගට හුස්මක්වත් නොගෙන මම කියවන් යද්දි සතූ හිනාවෙනවා.

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Where stories live. Discover now