සනා කිව්වා වගෙම ආර්ටිකල් හදන එක පොඩ්ඩක්වත් ලේසි නෑ. එහෙම නිසාම වෙන්න ඇති මට දැන් මහන්සි දැනෙන්නෙ. Pdf තුන් හතරකට පස්සෙ මට දාන වචනත් විහිලුවක් වෙලා වගෙ දැනෙන්නෙ. එන්න එන්නම සංකීර්ණ වෙන ජිවිතේක හිතාගන්න බැරි තරම් අසරණ වෙනවා කියන්නෙ කට කනවට නෙවේනෙ බං.
"ටූන අපි කතා කරන්න ඕනේ." උඩ වගෙවත් මම දොර ලොක් කරලා හිටියෙ නැති තැනින් සනා ආවා ඇතුලට.
"කියන්න.. මම වැඩ... අහගෙන ඉන්නම්"
"අහගෙන ඉන්න දෙයක් නෑ. මට කතා කරන්න ඕනේ."
"ඉතින්..."
"දැන් ඇයි රූම් එක මාරු කරේ."
"සිග්නල් නෑ."
"උඹ මේ හැමදේම දන්න මට බොරු කරන්න එපා බං. මම ඕකේ ඉන්න තීරණේ කරපු දවසෙ ඉදලම ඕකේ තමයි හොදටම සිග්නල් අහුවෙන්නෙ."
"උඹ දෝණිටත් කිව්වේ නැද්ද?"
"දෝණිගෙ මල්ලි මෙච්චර බොරු කාරයෙක් කියලා දෝණිට කියන්න කැමති නෑ."
"මාව බේරනවා, මගෙ වැඩ කරනවා කියලා නිතරම කයිවාරු ගගහා මගෙ හොද කියවන්න එපා."
"මොකක්ද?"
"දෙපාරක් කියන්න ඔලුවේ අමාරුවක් නෑ."
"නෑ දෙපාර නෙවේ ප්‍රශ්නේ උඹ කියපු දේ මම නොකරන එකයි ප්‍රශ්නේ." ආයෙත් පස්ස හැරිලා දොර ලොක් කරා අරු. මට දැන් තියෙන්නෙ කේන්තියට වඩා දුකක්. මට ඕනේ අරු නිතරම කියනවා වගෙ හැමදේම අමතක කරලා ඌව බදාගන්න. එත් මගෙ හිත ඒකට සෙෆ්ට් කියලා කියන්නෙ නෑ.
"ටූන... හිත හිත ඉන්න ඒවා අමතක කරලා මට කියන්න මොකක්ද ප්‍රශ්නේ කියලා විතරක්."
"මට හොද වෙන්න එපා... ඕනේ නෑ මම හොද මිනිහෙක් නෙවේ."
"මොකක්ද ටූන ආයෙත් මුලට එන්නෙ"
"උඹ නෙවේද නැට්ට පාගගෙන කෑ ගැහුවේ. වෙනදත් ඔහොම රණ්ඩු වුනත් අද ඔවර් ගියෙ උඹ නෙවේද?"
"ඇත්තනෙ බං. උඹට අනික් ඔක්කොටම හොද වෙන්න පුලුවන්. මට නිතරන පුස් පාට් දානවා."
"හුම්ම්ම්"
"ටූන අපි කාමරේට යමු. උඹ නාවොත් මම ලොකුඅම්මගෙ ගෙදර යනවා."